කබ්රාල්ට අධිකරණය නියෝගයක්

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා මැයි මස 02 වැනිදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. විදේශ ගමන් තහනම ද එදින තෙක් දීර්ඝ කරන බව අධිකරණය සඳහන් කළේය.

ඔහු වෙනුවෙන් නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අධිකරණය හමුවේ පෙනී සිටිමින් එම පුද්ගලික පැමිණිල්ල සම්බන්ධයෙන් මූලික විරෝධතා ඉදිරිපත් කරන බව සඳහන් කළේය.

හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් අද යළි කැඳවීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා විසින් එම නියෝගය නිකුත් කරනු ලැබීය.

මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ අවධියේ සිදුකළ බව කියන චෝදනා සම්බන්ධයෙන් කබ්රාල් මහතා ට එරෙහිව එම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
33
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?