ඉන්ධන හිඟය ගැන දැනුම්දීමක්

දිවයින පුරා පවතින ඉන්ධන හිඟය අද (18) දිනය තුළ යම්තාක් දුරට පාලනය කිරීමට බලාපොරොත්තු වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේ, අලුත් අවුරුදු නිවාඩුව හේතුවෙන් ඉන්ධන ප්‍රවාහනය සඳහා අවශ්‍ය ටැංකි රථ ප්‍රමාණවත් තරම් නොපැමිණීම ඉන්ධන හිඟයට හේතුවී ඇති බවය.

දෛනිකව ටැංකි රථ 450ක පමණ ප්‍රමාණයකින් ඉන්ධන ප්‍රවාහනය සිදුවන අතර ඊයේ (17) දිනයේ ද ටැංකි රථ 300කට අඩු ප්‍රමාණයක් ඉන්ධන ප්‍රවාහන කටයුතු සඳහා දායකත්වය ලබාදී තිබු  බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

කෙසේවෙතත් අද දිනයේ සිට සාමාන්‍ය පරිදි ඉන්ධන ප්‍රවාහන කටයුතු සිදුකිරීමට බලාපොරොත්තු වන බව සුමිත් විජේසිංහ මහතා සඳහන් කළේය.

මේ අතර දිවයිනට ළඟා වී ඇති පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500ක තොගය සඳහා අවශ්‍ය මුදල් ගෙවීම් අද දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ඉදිරි දින දෙක තුළ අදාළ පෙට්‍රල් තොගයද ගොඩබෑමට කටයුතු කරන බවයි සුමිත් විජේසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?