අරගලයට නව ජවයක් දෙන්න සුදානම් – ජාතික ජනබලවේගය කියයි

ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පිටියේ පැවැත්වෙමින් තිබෙන ජන අරගලයට නව ජවයක් ලබාදීමට සූදානම් බව ජාතික ජනබලවේගය පවසනවා.

ඒ අනුව මේ මස 17 වනදා කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල සිට කොළඹ ගාලුමුවදොර පිටිය දක්වා ජන පාගමනක් සංවිධාන කර ඇති බව එම පක්ෂය අද මාධ්‍ය හමුවක් පවත්වමින් අනාවරණ කර සිටියේ.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරිය,

“මේ ජනතා අරගලය තේරුම් ගැනීමට ආණ්ඩුවට නොහැකි වෙලා තිබෙනවා. ඒ අරගලය ආරම්භ වූ ආකාරය, වර්ධනය වූ ආකාරය, ඉල්ලීම්, එහි කවුරුද ඉන්නේ යන කරුණු ගැන බුද්ධිමත් අධ්‍යයනයක යෙදුණා නම් ආණ්ඩුවට තේරුම් ගන්න තිබ්බා.”

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා,

“මේ අරගලය විවිධ ආකාරයෙන් මොට කරන්න ආණ්ඩුව උත්සාහ ගනිමින් ඉන්නවා. මුලින් මේක ගණන් ගත්තේ නෑ. පස්සේ බිය කරන්න උත්සාහ කළා. ඊටත් පස්සේ මඩ ගහන්න පටන් ගත්තා. ආයේ ජාතිවාදය පටලවන්න උත්සාහ කළා. දැන් ලෑස්ති වෙනවා සාකච්ඡා කරන්න. මේ අරගලයේ නියැලෙන කා එක්කවත් ආණ්ඩුවට සාකච්ඡා කරගන්න පුළුවන් දෙයක් නෑ. මේ සටන් බිමේ ඉන්නේ අවංකව අරගලයට ආපු මිනිස්සු.”

“ජනාධිපතිවරයා ඉවත් වෙනතුරු මොනම හේතුවක් නිසාවත් මේ අරගලය අපි නතර කරන්නේ නෑ.. නතර වෙන්න ඉඩ දෙන්නෙත් නෑ. අපි ජාතික ජන බලවේගය ලෙස මේ සටනට නව ජවයක් දෙනවා. නිර්දේශපාලනික අරගල තියෙන්න විදිහක් නෑ. ප්‍රශ්නය දේශපාලනිකයි.. උත්තරයත් දේශපාලනිකයි. ඒ නිසා අරගලයත් දේශපාලනිකයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
80
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34