මන්ත්‍රීවරුන්ට වෙන්වූ සෙන්පති බංගලාව හවුස් ෆුල් වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නවාතැන් ගැනීම සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නුවරඑළියේ පවත්වාගෙන එනු ලබන සෙන්පති නිවෙස (general,s house ) බංගලාව සිංහල හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් සම්පූර්ණයෙන්ම වෙන්කරගෙන අවසන්ව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා වනවා.

සියලු පහසුකම් සහිත මෙම සෙන්පති නිවෙස බංගලාවේ පවතින කාමර ගණන 19ක් වන අතර මන්ත්‍රීවරයෙකුට එක් වරකදී එහි කාමර තුනක් දින තුනක කාලයක් සඳහා වෙන්කරවා ගැනීමට හැකියාව ඇත.

මේ අතර සමහර මන්ත්‍රීවරුන් මෙම බංගලාවේ කාමර සිය ඥාතීන්ට හා හිතවතුන්ට වෙන් කරවා දෙන බවට පාර්ලිමේන්තු නිලධාරීහු චෝදනා කර සිටිනවා.

සෙන්පති බංගලාවේ සියලු කටයුතු පවත්වාගෙන යනු ලබන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය (Member service) විසින්ය.

(උපුටා ගැනීම : ලංකාදීප)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04