සාකච්ජා අවශ්‍ය නම්, ශාන්ත බණ්ඩාර ඇමති ධුරයෙන් ඉවත් කරන්න – මන්ත්‍රී විමල් විරවංශ

පවතින අර්බුදය විසඳීමට ආණ්ඩුව මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසනවා. එමෙන්ම ඉදිරියේදී ජනාධිපතිවරයා සමග සාකච්ජා කිරීමට අවශ්‍ය නම් රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබාදුන් ශාන්ත බණ්ඩාර එම තනතුරෙන් ඉල්ලා අස්කළ යුතු බවයි මන්ත්‍රීවරයා කියා සිටින්නේ.

ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 11 නායකයින්ගේ හමුවක් ඊයේ පස්වරුවේ පවත්වනු ලැබුවා.

වැඩිදුරටත් අදහස් දැක්වු විමල් වීරවංශ මන්ත්‍රීවරයා,

“රටේ නිසි විසඳුමක් නොදී ආණ්ඩුව මේ අර්බුදකාරී තත්ත්වය උත්සන්න වෙන්න ඉඩහැරලා පරණ පුරුදු ආකාරයට තවදුරටත් ඉදිරියට යන්න උත්සහ කරනවා. ඒ පරණ පුරුදු ගමනට මේ රටේ ජනතාවගෙන් ඉඩක් නැහැ. ඒක වහාම ආණ්ඩුව පිළිගන්න ඕනේ. ඒක පිළිගන්න බැරි ආණ්ඩුවකට පවතින්න බැහැ. මේ තියන තත්ත්වය නිසා අද ආර්ථික ඉතා දරුණු තත්ත්වයකට මේ රටේ ඇදගෙන වැටිලා තිබෙනවා. ඒ අර්බුදකාරී තත්ත්වයට ඇද වට්ටපු අය තාමත් මේ ආණ්ඩුය ඇතුළේ එක එක ක්‍රමයට ලැගලා ඉන්නවා.

එහෙම තත්ත්වයක් තියාගෙන මේ රටට ඉස්සරහාට යන්න බැහැ. ඒ නිසා අපි තදබල ලෙස ආණ්ඩුවට බලකිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා වහාම ඉවත් වෙන්න අගමැති ඇතුළු මුළු ආණ්ඩුවම. ඉවත්වෙලා නව පාලන තන්ත්‍රයක් බිහිකරගන්න ඉඩ දෙන්න එසේ නොකිරීම විසින් ඇතිවෙන සමස්ත ව්‍යසනයට මේ සියලුදෙනා වග කියන්න ඕනේ. අපි තීරණ රැසක් ගත්තා ඒවා පස්සේ කියන්නම්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57