නරක් වුනු මාළු කන්ටේනර් වලට විදුලිය දීලා කෝටි 15ක් ගොඩ ගැහිලා

කොළඹ වරාය තුළ නරක් වූ මාළු කන්නේටර් 100 ක් මාස දෙකක් තිස්සේ විදුලිය සපයා තිබීමෙන් ඒ සඳහා රුපියල් කෝටි 15 ක (ලක්‍ෂ 1500) විදුලි ගාස්තුවක් ගොඩගැසී ඇති බව වාර්තා වනවා,

ප්‍රති අපනයනය කිරීම සඳහා මීට මාස දෙකකට පමණ පෙර කොළඹ වරායට ගෙන ආ මෙම කන්ටේනර්වල තිබූ මාළු කිසියම් හේතුවකින් නරක්වීමෙන් පසු වරායට ගොඩබා ඇති බවත් නකර වූ මාළු කන්ටේනර්වලින් පිටවීම වැලැක්වීම සඳහා මෙසේ ශීතකරණ සහිත කන්ටේනර්වලට විදුලිය සැපයුම ලබාදී ඇති බවත් වරාය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසනවා.

ශ්‍රී ලංකාව විදුලි අර්බුදයකට මුහුණ දී දෛනිකව විදුලිය කප්පාදු කරන තත්වයක් තුළ කුණු මාළු තොගයකට විදුලි සැපයීම අපරාධයක් බවත් මේ සම්බන්ධයෙන් බලධාරීන් හැකි ඉක්මණින් පියවරක් ගතයුතු බවත් වරාය වෘත්තිය සමිති අවධාරණය කර සිටියි.

අදාල කන්ටේනර් හිමි සමාගමට රක්‍ෂණයෙන් විදුලි බිල ගෙවීම සඳහා මුදල් ලැබෙනු ඇති බව කියන වෘත්තීය සමිති නියෝජිතයෝ මෙය රටේ ජනතාවට විදුලි අහිමිකිරීමක් බව ද සඳහන් කරයි.

වරාය හා නාවික අමාත්‍යාංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමේදී පැවසුවේ මෙවැනි දෙයකට විදුලිය සැපයීමෙන් විදුලිය නාස්ති කිරීම අනුමත නොකරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04