නරක් වුනු මාළු කන්ටේනර් වලට විදුලිය දීලා කෝටි 15ක් ගොඩ ගැහිලා

කොළඹ වරාය තුළ නරක් වූ මාළු කන්නේටර් 100 ක් මාස දෙකක් තිස්සේ විදුලිය සපයා තිබීමෙන් ඒ සඳහා රුපියල් කෝටි 15 ක (ලක්‍ෂ 1500) විදුලි ගාස්තුවක් ගොඩගැසී ඇති බව වාර්තා වනවා,

ප්‍රති අපනයනය කිරීම සඳහා මීට මාස දෙකකට පමණ පෙර කොළඹ වරායට ගෙන ආ මෙම කන්ටේනර්වල තිබූ මාළු කිසියම් හේතුවකින් නරක්වීමෙන් පසු වරායට ගොඩබා ඇති බවත් නකර වූ මාළු කන්ටේනර්වලින් පිටවීම වැලැක්වීම සඳහා මෙසේ ශීතකරණ සහිත කන්ටේනර්වලට විදුලිය සැපයුම ලබාදී ඇති බවත් වරාය වෘත්තීය සමිති නියෝජිතයෝ පවසනවා.

ශ්‍රී ලංකාව විදුලි අර්බුදයකට මුහුණ දී දෛනිකව විදුලිය කප්පාදු කරන තත්වයක් තුළ කුණු මාළු තොගයකට විදුලි සැපයීම අපරාධයක් බවත් මේ සම්බන්ධයෙන් බලධාරීන් හැකි ඉක්මණින් පියවරක් ගතයුතු බවත් වරාය වෘත්තිය සමිති අවධාරණය කර සිටියි.

අදාල කන්ටේනර් හිමි සමාගමට රක්‍ෂණයෙන් විදුලි බිල ගෙවීම සඳහා මුදල් ලැබෙනු ඇති බව කියන වෘත්තීය සමිති නියෝජිතයෝ මෙය රටේ ජනතාවට විදුලි අහිමිකිරීමක් බව ද සඳහන් කරයි.

වරාය හා නාවික අමාත්‍යාංශයේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමේදී පැවසුවේ මෙවැනි දෙයකට විදුලිය සැපයීමෙන් විදුලිය නාස්ති කිරීම අනුමත නොකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?