AFC Banner
Empty Ad
Empty Ad

කාලගුණය ගැන නිකුත් වූ නවතම නිවේදනය

පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් වැසි තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා/

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවලද ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එහි සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී.

හෙට (12) දිනයේ දහවල් 12:11 ට පෙරියමුරිප්පු, රළපනාව, වාගොල්ලකඩ, සහ නිලාවෙලි යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවති.

උලුක්කුලම, අනුරාධපුර නව නගරය, කයිනට්ටම සහ පලුගොල්ලැව යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?