කාලගුණය ගැන නිකුත් වූ නවතම නිවේදනය

පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය තවදුරටත් දිවයින ආශ්‍රිතව පවතින බැවින් වැසි තත්ත්වය ඉදිරියටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා/

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවේ. සෙසු ප්‍රදේශවලද ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව එහි සඳහන් වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවමකර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතී.

හෙට (12) දිනයේ දහවල් 12:11 ට පෙරියමුරිප්පු, රළපනාව, වාගොල්ලකඩ, සහ නිලාවෙලි යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවති.

උලුක්කුලම, අනුරාධපුර නව නගරය, කයිනට්ටම සහ පලුගොල්ලැව යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහර බන්ධනාගාරයට ආ බලධාරින් පිටව ගිය හැටි - කට්ටිය පෝළිමට යන හැටි
00:53
Video thumbnail
මහර බන්ධනාගාරයේ කුස්සියට ගි# තියයි.."සර් කුස්සියට ගි# තියලා..ඉක්මනට වාහනේ ගන්න"
01:15
Video thumbnail
යුද හමුදාපති දැඩි ආරක්ෂාව මැද පිටව ගිය හැටි - කොහොමද දෙන ආරක්ෂාව
01:16
Video thumbnail
එක පාරම මහර බන්ධනාගාර අහසෙන් මතුවූ දේ මෙන්න - මොකක්ද මේ කළු දුමක් එන්නේ ?
02:08
Video thumbnail
බන්ධනාගාර අහසේ ඩ්‍රෝන යානා සැරි සරණ අයුරු මෙන්න - තවත් සන්නද්ධ රථ පැමිණෙයි
01:35
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ
00:42
Video thumbnail
SF නිලධාරින් එක්ක ආ විශේෂ සන්නද්ධ රථ - කොහොමද ඒ නිලධාරින්ගේ ගැම්ම
01:41
Video thumbnail
UNI BUFFEL සන්නද්ධ රථ පෝළිමට මහර බන්ධනාගාරයට එන හැටි - මෙන්න නවතම දර්ශන
02:01
Video thumbnail
තවත් SF නිලධාරින් සෙට් එකක්ම මහර බන්ධනාගාරයට
01:18
Video thumbnail
යුද හමුදාපතිත් දැඩි ආරක්ෂාව මැද මහරට
01:19