AFC Banner
Empty Ad
Empty Ad

අරගලයට පැය 48යි : විරෝධතාකරුවන් පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් සිහිකරයි (PHOTOS)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන ලෙස බල කරමින් ඉකුත් සෙනසුරාදා උදෑසන 10.00ට ආරම්භ කරන ලද විරෝධතා ව්‍යාපාරයට මේ වන විට පැය 48ක් ගතවී අවසන්.

මෙම විරෝධතාවය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යන බවයි එහි සිටින විරෝධතාකරුවන් පවසන්නේ.

මෙම විරෝධතාවය සඳහා විවිධ ආයතන, ස්වේච්ජා සංවිධාන සහ පුද්ගලයින් විසින් ආහාර පාන. ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සිදුකරනු ලබන අතර අද උදෑසන වන විටත් විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

ඊයේ රාත්‍රියේදී විරෝධතාකරුවන් විසින් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් ජිවිත හානි වූ පුද්ගලයින් සිහිකිරීම උදෙසා ඉටි පන්දම් දල්වමින් කටයුතු කරනු ලැබුවා.

ඊයේ රාත්‍රීයේදී එම ගාලු මුවදොර පිටිය සහ ඒ අවට ගනු ලැබූ ජායාරූප කිහිපයක් පහතින් දැක්වේ.

t 1
t 2
t 3
t 4
t 5
t 6
t 7
t 8
t 9
t 10
t 11
t 12
t 13
t 14
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?