AFC Banner
Empty Ad
Empty Ad

ජනපති සමග වැඩ කරන්න එකඟ වන කොන්දේසිය මන්ත්‍රී හර්ෂ කියයි

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි බලාත්මක කරන්නේ නම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ වුවත් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ඉදිරිපත් වීමට තම පක්ෂයට හැකි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසනවා,

ප්‍රශ්නය – ඔබතුමන්ලා කියන කාරණාව තමයි ජනතාව මේ ආණ්ඩුව පිළිගන්නෙ නැහැයි කියන එක. හැබයි ඔබතුමන්ලාත් කැමති නෑ මේක භාරගන්න. එතකොට මොකක්ද කරන්න ඕනෙ ?

“අපි භාරගන්න සූදානම්, අපි බෑ කියලා නැහැ. අපි කියන්නෙ රැවුලයි කැඳයි දෙකම බැහැනෙ ආණ්ඩුවට ? ආණ්ඩුව විසින් නෙ මේ අර්බුදය ඇති කළේ ? අපි මේක කරන්නම්, හැබැයි අපි මේක කරන්න නම් අපට යම්කිසි බලයක් තියෙන්න එපැයි මේක කරන්න. විධායක ජනාධිපතිතුමාගේ අතේ බලය තියාගෙන අපට කියනවා නම් මෙව්වා කරන්න කියලා, ඒක විහිළුවක්”

ප්‍රශ්නය – ඒ කියන්නෙ 19 වැනි සංශෝධනය බලාත්මක කළොත් මේ ජනාධිපතිවරයා යටතේ ඔබතුමන්ලා ආණ්ඩුව භාරගන්න කිව්වොත් භාරගන්නවා ?

“ඔව්. අපට හැකියාවක් තියෙනවා එවැනි අවස්ථාවකදී ඉදිරිපත් වෙන්න. 19 වැනි සංශෝධනය බලාත්මක කළොත් අපට පුළුවන් යම්කිසි එකඟතාවකට එන්න. හැබැයි ඒ එකඟතාවට එන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා වැඩපිළිවෙලක් එක්ක කෙටිකාලීන, අන්තර්කාලීන ආණ්ඩුවකට”

(ගුවන් විදුලි නාලිකාවක් සමග පැවති සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියා.)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?