කාන්තාවන්ට පිරිමින් නොමැතිව එළියට බැසීමට අදාළ නීති තවත් දැඩි කෙරේ

පිරිමි භාරකරැවෙකු නොමැතිව නිවසින් පිටතට යාමට අදාළ නීති දැඩිව ක්‍රියාත්මක කිරීමට ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලකයන් පියවර ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ වන විට තලේබාන් සංවිධානය විසින් විශේෂ පරීක්ෂා කිරීම් සිදුකරමින් එළෙස ගමන් ගන්නා කාන්තාවන් අත්අඩංගුවට ගෙන හරවා යවන බවයි.

මේ හේතුවෙන් තමන්ගේ නිදහස සම්පූර්ණයෙන්ම අහිමි වී ඇති බව කාන්තාවන් රැසක් එරට මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.

ජාත්‍යන්තර ප්‍රජාව විසින් කාන්තා අයිතිවාසිකම් තහවුරු කරන ලෙස දිගින් දිගටම අවධාරණය කරද්දීත් , ඊට එරෙහිව යමින් ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය විසින් පිහිටුවා ඇති සදාචාර ප්‍රවර්ධන සහ දූෂණ මර්දන අමාත්‍යංශය මගින් පසුගිය සතියේ සිට කාන්තාවන්ට එරෙහි නීති දැඩි කර ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව, පිරිමි භාරකරැවෙකු නොමැතිව කිලෝමීටර් 72ක‍ට වැඩි දුරක් ගමන් කිරීම, විදෙස් ගතවීම, වෛද්‍ය මධ්‍යස්ථාන වෙත යෑම කාන්තාවන්ට සපුරා තහනම් වනවා.

ඊට අමතරව , ගැහැණු දරැවන්ට හය ශ්‍රේණියෙන් ඉහළ අධ්‍යාපනය ලැබීම ද තහනම් කිරීමටයි තලේබාන් පාලකයන් පසුගිය සතියේ දී කටයුතු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?