මේ වෙලාවේ පාරක් කාපට් කරන්න ඕන වෙලාවද ? මම අහන්නේ කැමති ඒක – මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්

රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් මාර්ග ඉදිකිරීම් ඇතුලු සංවර්ධන කටයුතු තාවකාලිකව නතර කළ යුතු බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන පවසනවා.

විද්‍යුත් විකාශකයින්ගේ සංසදය සමඟ ඊයේ පැවති විශේෂ සාකච්ඡාමය වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.

” මේ රටේ මේ වගේ ප්‍රශ්නයක් ඇතිවෙලා තියෙද්දී අපි බලන්න ඕන කොහොමද වියදමක් අඩු කර ගන්න ඕන. අපි දන්නවා රටකට සංවර්ධනය වෙද්දී ආර්ථිකය වර්ධනය වෙද්දී ව්‍යාපෘති අවශ්‍යයි. නුමුත් මේ වෙලාවේ රටේ තියෙන හදිසි තත්ත්වය උඩ කුමන ආකාරයේ ව්‍යාපෘති කරගෙන යා යුතුද ඉදිරියට, කුමන ආකාරයේ ව්‍යාපෘති නතර කළ යුතුද තාවකාලිකව. ඒ පිළිබඳව අපි විචාරාත්මකව බලන්න ඕන. විශේෂයෙන්ම අපි දේශීය වශයෙන් මුල්‍යකරණය කරලා කරන ව්‍යපෘති තියෙනවා නම් ඒ වගේ දේවල් අපි අඩු කර ගන්න ඕන. අපි හිතමු පාරක් හදනවා, පාරට තාර දානවා, පාරක් කාපට් කරනවා කියලා. මේ වෙලාවේ පාරක් කාපට් කරන්න ඕන වෙලාවද මේ ? මම අහන්නේ කැමති ඒක. මොකද අපිට රටේ මුදල් පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මම දකින්නේ ඒ වගේ දේවල්. අපි හිතමු මොකක් හරි වැවක් හාරනවා වගේ. වැවක් ඇත්තටම හාරන්න ඕන. මොකද අපේ ගොවි ජනතාවයට වතුර දෙන්න, අපේ කෘෂි කර්මාන්තය කරගෙන යන්න වතුර දෙන්න වගේම වතුර රඳවා ගන්න පුළුවන්. නුමුත් අපි බලන්න ඕන මේක ඒ දේවල් වලට වෙලාවද කියලා. විශේෂයෙන් පාරවල් හැදීම වගේ ව්‍යාපෘති වලට වියදම් කරන මුදල් අඩු කරන්න වෙනවා මේ වගේ ප්‍රශ්නයක් තියෙන වේලාවකදී” මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04