බලය ගත්තට කරන්න බැහැ දෙවියන්වහන්සේ ගේ සාපය වැදිලා – කාදිනල් හිමිපාණන්

පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටු නොවීමට විරෝධය පළකරමින් අද දිනයේදී මීගමුව නගර මධ්‍යයේ ජනතා විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. මෙම විරෝධතාවය සඳහා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු කතෝලික පුජක තුමන්ලා, කන්‍යා සොහොයුරියන් සහ මහජනතාව විශාල පිරිසක් එක්ව සිටියා.

මෙහිදී රැස්ව සිටි පිරිස් අමතමින් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කර සිටියේ බලය ගත්තට එය ආරක්ෂා කර ගැනීමට නොහැකි වී ඇති බවත්, ඔවුන්ට දෙවියන් වහන්සේගේ සාපය වැදී ඇති බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් හිමිපාණන්,

ශ්‍රී ලංකාවේ ඉතාමත් විනාශකාරී වූ ලේ වැගිරීම අපට අමතක කරන්න බැහැ. අද බලයේ සිටින රජය එදා ජන්දයට ඉදිරිපත් වෙද්දී එදා මේ සිද්ධිය එයාලා පාවිච්චි කළා. අපිට තේරුණා එදාම මේ මහා විනාශය පිටුපස්සේ කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන් කියලා. දැන් අපිට එළිදරව් වී ගෙන යනවා ඒ කුමන්ත්‍රණකාරයෝ කවුද කියලා. ඒ කුමන්ත්‍රණකාරයින්ට බලය අල්ල ගන්න පුළුවන්, නුමුත් බලය ආරක්ෂා කර ගන්න බැහැ. දෙවියන්වහන්සේ ගේ සාපය ඔවුන්ට වැදිලා තියෙනවා. බලය අල්ල ගත්තට වැඩක් නැහැ. බලය හරියට පාවිච්චි කරන්න ඒ අය දන්නේ නැහැ.

ජනාධිපති කොමිසමෙන් දුන්නු තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්න කියලා, නුමුත් අද වෙනතුරු ඒ දුන්නු තීන්දු තීරණ වලින් වැඩි හරියක් ක්‍රියාත්මක නොකර මුස්ලිම් මිනිස්සුන්ට විතරක් මේකේ වරද පටවලා ඒකේ පිටිපස්සේ හිටිය අනිත් බලවේග සියල්ලම හංගන්නට පටන් ගෙන තියෙනවා. ඒ නිසා ඒකට වැදුණු සාපයක් තමයි අද මේ උදාවෙලා තියෙන්නේ.

නීතිපතිතුමා මේ ක්‍රමවේදයේ වහලෙක් බවට පත්වෙලා ඉවරයි. ඒ නිසා මේ රටේ නීතියක් කියල එකක් නැහැ. හරියට යුක්තියක් ඉෂ්ඨ කර ගන්න අපේ මිනිස්සුන්ට ඉඩකඩක් නැහැ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් ඉදිරියේ සංවේදී වූ පියා - අපි ඔයාට කතිරේ ග#හලා පත්කරනවා - බඩේ තියෙන බත් වාගේ
02:00
Video thumbnail
පොසොන් එකට පොළොන්නරුවේ වෙන අලුත් වැඩේ මෙන්න - විනෝද වෙන ගමන් - වෙනස්ම ඇත්දැකීමක්
02:55
Video thumbnail
ගම්පොළ නගරයේ සීඝ්‍ර ඩෙංගු ව්‍යාප්තියක් - මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
01:50
Video thumbnail
ජීවිතාරක්ෂක පොලිස් නිලධාරීන්ට ඉබ්බන්කටුව ජලාශයේදී දුන්න සුපිරි Training එක
02:49
Video thumbnail
කාර්යාලයකට කඩා වැදුණු මැර පිරිසකගෙන් රියදුරෙකුට ගුටි පූජාවක් - පැරණි මැර සංස්කෘතිය ගේන්න හදන්නේ
05:07
Video thumbnail
දන්සලට දෙන බත් සවලෙන් ලොරියට දාන හැටි - මිනිස්සුන්ට දෙන කෑමනේද මේ පටවන්නේ ?
00:58
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ - පන්සලේ බොන්න විදියක් නෑ - මොකද බොන්නේ හාමුදුරුවනේ ?
01:47
Video thumbnail
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී බිහිසුණු අනතුරක් - අනතුරෙන් තිදෙනෙකුට බරපතළයි
01:23
Video thumbnail
වසන්තයා කොමිස් කාක්කෙක් වෙලා ඉන්නේ - පුළුවන්නම් මැදිරිගිරිය එක්ක හැ#ප්පිලා බලමු
05:05
Video thumbnail
මොණරාගලට හැමූ අධික සුළඟින් නිවාසවල වහල ගහගෙන ගිහින් - මිනිස්සු තෙමෙනවා
01:49