AFC Banner
Empty Ad
Empty Ad

දින 11කට පසුව ලැබුණු සුබ පණිවුඩය

ඩොලර් ගෙවාගැනීමට නොහැකිව දින 11 ක් ශ්‍රී ලංකා මුහුදු සීමාව නතර කළ තිබූ නෞකාවේ ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ඩොලර් මිලියන 52 ක් ගෙවා අද (07) පස්වරුවේ නිදහස් කරගත් බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කර සිටිනවා.

එම නෞකාවේ ඩීසල් තොගය හෙට (08) පෙරවරුවේ ගොඩබෑම ආරම්භ කරන බවත් ඉන් පසුව හැකි ඉක්මණින් ඩීසල් පිරවුම්හල් වෙත සැපයීමට කටයුතු කරන බවයි එම උසස් නිලධාරියා සඳහන් කළේ.

මෙම නෞකාව පසුගිය මාර්තු මස 28 වැනිදා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගා වුවද එය නිදහස් කරගැනීමට ඛනිජ සංස්ථාවට ණයවර ලිපි විවෘත කරගැනීමට අවශ්‍ය ඩොලර් නොමැති වීමෙන් මුහුදේ නවතා තිබුණා.

මෙලෙස නෞකාවක් ගොඩබෑම ප්‍රමාද වීමේදී දිනකට එම නෞකාව සඳහා අමෙරිකානු ඩොලර් 18,000ක ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට රජයට සිදුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?