AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියාවෙන් ණයට ලැබෙන පළමු සහල් තොගය මේ සති අන්තයේදී

අමෙරිකානු ඩොලර් බිලියනයක ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරනු ලබන පළමු සහල් තොගය සති අන්තයේදී දිවයිනට ළඟාවෙන බව වෙළෙඳ අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව නාඩු, සම්බා සහ කැකුළු යන සහල් වර්ග ඇතුළත් සහල් මෙට්‍රික් ටොන් 40,000ක ප්‍රමාණය දිවයිනට ළඟාවූ වහාම වරායෙන් නිදහස් කොට දිවයින පුරා ලංකා සතොස අලෙවි ශාඛා ජාලය වෙත බෙදාගැනීමට නියමිතය.

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සව සමය ඉලක්ක කරගනිමින් මෙම සහල් තොග බෙදාහැරෙන අතර නාඩු සහල් කිලෝවක් රුපියල් 110කටත්, කැකුළු සහල් කිලෝවක් රුපියල් 110කටත් සහ සම්බා සහල් කිලෝවක් රුපියල් 130කටත් එහිදී මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ඇති බවද වෙළෙඳ අමාත්‍යාංශය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?