AFC Banner
Empty Ad
Empty Ad

ජනතා විරෝධතා ගැන විදේශ ඇමති ජාත්‍යන්තරයට කරුණු කියයි

ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද කොළඹ සිටින විදේශ රටවල රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් දැනුවත් කර තිබේ.

එහිදී විදේශ අමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ, විදුලි කප්පාදුව, ගෑස්, ඉන්ධන හා ඖෂධ හිඟය හේතුවෙන් ජනතාවට අත්වීඳීමට සිදුවී ඇති පීඩා සම්බන්ධයෙන් රජය අවධානය යොමුකර ඇති බවයි.

ජනතාව අපේක්ෂාභංගත්වයකට මුහුණදී සිටින බව දිවයිනපුරා පැවැත්වෙන විරෝධතාවලින් පෙනීයන අතර එම විරෝධතාවලින් සියයට අසූවක් හෝ අසූපහක්ම පමණ අන්තවාදී අරමුණකින් හෝ දේශපාලනික පෙළඹවීමක් මත සිදු කරන ඒවා නොවන බව ඇමතිවරයා සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ජනතාවගේ ඇතැම් ඉල්ලීම් ප්‍රායෝගික නොවන බැවින් ඒවා ඉටුකළ නොහැකි බව පැවසූ අමාත්‍යවරයා එම ජනතාව ව්‍යවස්ථානුකූල විසඳුමක් නොදකින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?