AFC Banner
Empty Ad
Empty Ad

සමාජ මාධ්‍යයෙන් වෛරී ප්‍රකාශ නිකුත් කළ අයෙකු අත්අඩංගුවට

පොලිස් නිලධාරීන්ට හා හමුදා නිලධාරීන්ට පහර දිය යුතු බවට හා ඝාතනය කළ යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කළ පුද්ගලයෙකු නාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාගොඩ තලාව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 18 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අත්අඩංගුවට ගත් සැකකරු වසර 06ක කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිට මානසික රෝගයකට ගොදුරු වූ අයෙකු බවයි.

සැකකරු අවස්ථා කිහිපයකදී ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති අතර එම අවස්ථාවලදී ඔහු රෝහලෙන් පැනගොස් ඇති බව අනාවරණය වී තිබෙන අතර නාගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?