සමාජ මාධ්‍යයෙන් වෛරී ප්‍රකාශ නිකුත් කළ අයෙකු අත්අඩංගුවට

පොලිස් නිලධාරීන්ට හා හමුදා නිලධාරීන්ට පහර දිය යුතු බවට හා ඝාතනය කළ යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කළ පුද්ගලයෙකු නාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නාගොඩ තලාව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 18 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අත්අඩංගුවට ගත් සැකකරු වසර 06ක කාලයක් තිස්සේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිට මානසික රෝගයකට ගොදුරු වූ අයෙකු බවයි.

සැකකරු අවස්ථා කිහිපයකදී ප්‍රතිකාර සඳහා රෝහල්ගතකර ඇති අතර එම අවස්ථාවලදී ඔහු රෝහලෙන් පැනගොස් ඇති බව අනාවරණය වී තිබෙන අතර නාගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27