අභිරහස් ලෙස අතුරුදන් වූ ව්‍යාපාරිකයා හමුවූ තැන

ආණමඩුව වටුවත්තෑව වැව ආසන්නයේ ඉඩමක දී වසරකට පෙර අභිරහස් ලෙස ඝාතනය කර වලදමා තිබු විදේශ ගත ව්‍යාපාරිකයකුගේ සිරුර පසුගිය 04 වෙනිදා රාත්‍රියේ ගොඩගෙැනිමෙන් පසුව එය පශ්චාත් මරණ පරික්ෂණය සදහා පුත්තලම අධිකරණ වෛද්‍ය නිළධාරි වෙත රැගෙන යාමට ආණමඩුව මහෙස්ත්‍රාත් නිමේෂීකා පටබැදිගේ මහත්මිය අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොඨඨාශයට නියෝග කෙරුණා.

මෙසේ ඝාතනයට ලක්වි තිබුනේ කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වසර 15 කට ආසන්න කාලයක් ඉතාලියෙ දරුවන් හා බිරිද සමග ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යනු ලබන 58 හැවිරිදි අන්නමලේ පලනි මාඕලිව් නැමති දෙදරු පියෙකි.

මෙම විදේශ ගතව සිටි ව්‍යාපාරිකයා ඉතාලියේ රැකියාව කර ඉන් පසු එහි ඇගලුම් කර්මාන්ත ශාලාවක් පවත්වාගෙන ගිය අයකු බවයි වාර්තා වන්නේ.

අදාල විදේශගත ව්‍යාපාරිකයා පසුගිය 2021වසරේ මැයි 6 දින ශ්‍රී ලංකාවට පැමින ඔහු මිළදි ගෙන තිබු ආණමඩුව වටුවත්තෑව වැව ආසන්නයෙ ඉඩමට පැමිණිමත් සමග අභිරහස් ලෙස අතුරුදහන්ව ඇති බව ඔහුගෙ බිරිද ශ්‍රී ලංකාවට පැමිණ පොලිසියට පැමිණි කර තිබුණා.

ඒ සමබන්ධව ආණමඩුව පොලිසිය සිදුකල විමර්ශන වලින් පසුව මෙම ව්‍යාපාරිකයා සමග සමිප හිතවත්කමක් පවත්වාගෙන ගිය ආණමඩුව මොන්නෑකුලම, කොරලයාගම පදිංචි 37 හැවිරිදි පුද්ගගයකු ප්‍රශ්ණ කිරීම් වලදි අත් අඩංගුවට ගෙන තිබුණා.

එසේ අත් අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා මෙම ව්‍යාපාරිකයා සතු එටිඑම් කාඩ් පත භාවිතා කරමින් ව්‍යාපාරිකයා අතුරුදහන් වු දින සිට දින 14 ක් තුල දිනකට ලක්ෂය බැගින් ලක්ෂ 14 ක් බැංකුවෙන් ලබා ගෙන තිබු අයුරු ආණමඩුව පොලිසිය පරික්ෂණ වලදි සනාථ කර ගෙන තිබුනත් ඝාතනය සම්බන්ධව වැදගත් තොරතුරක් සනාථ කර ගැනිමට නොහැකි වි තිබුණා.

ඒ අනුව අදාල සැකකරුට ආණමඩුව අධිකරණයෙදි ඇප නියම වි ව්‍යාපාරිකයාගෙ මරණය අභිරහසක් ව පැවතුනා.

පසුව ව්‍යාපාරිකයාගේ බිරිද මේ සම්බන්ධව අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොඨඨාශයට පැමිනිලි කිරීමත් සමග පරික්ෂණ ආරම්භ කර තිබුණා.

ඒ අනුව අධිකරණ ඇප මත සිටි මෙම ව්‍යාපාරිකයාගේ සමිප හිතවතා ලෙස සැලකෙන තැනැත්තා නැවත අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තු කණ්ඩායම නැවත අත්අඩංගුවට ගෙන ප්‍රශ්ණ කිරීම් වලදි සියලු තොරතුරු සනාථ කරගෙන තිබුනී.

අදාල සැකකරු පාපොච්චාරණය කර තිබුනේ මෙම ව්‍යාපාරිකයා විසින් මිළදි ගෙන තිබු ලක්ෂ 80 ඉඩම තමන් මැදිහත් වු බවත් ඉන්පසු එහි පොල් වගා කිරීම සදහා ලක්ෂ 30 ක මුදලක් එවු බවත් තවත් අවස්ථා කිපයකදි තවත් මුදල් එවු බවයි.

එසේ එවු මුදලින් පොල් වගා කල ද ඉත්තෑවන් කා දමා පොල් වගාව වැනසි යාම නිසා 2021 මැයි මාසයේ ඉඩමට පැමිනි අවස්ථාවෙදි ඇතිවු බහින් බස් විමකින් පසු තල්ලු කිරීමක් සිදු බවයි.

ඉන්පසු අදාල ව්‍යාපාරිකයා මරණයට පත්ව සිටිමෙන් පසු ඉඩමේ කොනක පොල් වගාව සදහා යොදා ගත් වලකට දමා වල දැමු බවයි.

ඒ අනුව අධිකරණයෙන් ලබා ගත් නියෝගයක් මත අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොඨඨාශය අදාල ඉඩම තුළ කැනිම් කිරීමට අවසර ලබා ගෙන තිබුනී.

එසේ ලබා ගත් අධිකරණ නියෝගයෙන් පුත්තලම මූලික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරි කුලේන්ද්‍ර ප්‍රේමදාස මහතාගේ අධික්ෂණය යටතේ මෙම ස්ථානයේ කැනිම් කිරීම් 4 දින උදෑසන 9ට පමන ආරම්භ වි තිබුණා.

එසේ කැණිම් කිරීම් වලදි අත් අඩංගුවේ පසුවන සැකකරු පැවසු තොරතුරු මත කැණිම් කලද සොයා ගත නොහැකි ව තිබු අතර පසුව එම ස්ථානයට නුදුරින් වු ස්ථානයක අඩි 8 කට වඩා ගැඹුරක පැදුරක ඔතා තිබු සිරුර සොයා ගැනිමට අදාල කණ්ඩායම් සමත්ව තිබුණා.

මෙම සිරුර සොයා ගැනිමට පැය 12 කට අධික කාලයක් ගත වි තිබුණා.

එම ස්ථානයට පැමිණි ආණමඩුව මහෙස්ත්‍රාත් වරිය වළදමා තිබු අදාල සිරුර පරික්ෂා කිරීමේන් පසුව පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි වෙත යොමු කිරීමට නියෝග කෙරුණා.

අදාල සිරුර වල දැමු ස්ථානය හදුනා ගැනිමට ඝාතනය සම්බන්ධ සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විසින් ව්‍යාපාරිකයාගේ ඉඩමට රැගෙන විත් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34
Video thumbnail
"මේ පිඟන් දිගටම පාවිච්චි කරන්න එපා"ගලෙන්බිඳුණුවැවේ දන්සල් PHI නිලධාරින් ඇවිත් පරීක්ෂා කරයි
04:47
Video thumbnail
වෙසක් පෝය නිමිත්තෙන් බදුල්ලේ පැවැත්වූ විශාලම බත් දන්සල..දහස් ගණනින් ජනතාව පැමිණෙයි
01:53
Video thumbnail
රවින්ද්‍ර යසස් ආණ්ඩුව ගැන කිව්ව අමුතු සිංදුව..මිලියන 23 යයි වතුරේ..හුන්ඩුව ඇයි තනිකර දැමුවේ..
01:03