සියඹලාපිටියගේ ඉල්ලා අස්වීම ගැන ජනපති දුන් තීන්දුව

පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සඳහා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉවත් නොවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රංජිත් සියඹලාපිටිය වෙත දැනුම් දී තිබේ.

ඊයේ දිනයේ දී ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් තමා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉල්ලා අස්වන බවට කළ දැනුම්දීමට පිළිතුරු ලෙස ජනාධිපතිවරයා එම දැනුම්දීම සිදුකර ඇත.

නියෝජ්‍ය කථානායක ධූරය ස්වාධීන තනතුරක් බැවින් මේ මොහොතේ පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යෑම අත්‍යාවශ්‍ය කරුණක් බවත් ඒ අනුව ධූරයෙන් ඉවත් වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ දී ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ගත් තීරණය අනුව රංජිත් සියඹලාපිටිය මහතා නියෝජ්‍ය කථානායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජනාධිපතිවරයා වෙත දැනුම්දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ පොලිසියට විරුද්ධව සිවිල් සංවිධාන පාරට බහියි - උණුසුම් තත්ත්වයක්
04:39
Video thumbnail
හැකර් වෙන කවුරුත් නෙවෙයි මුදල් අමාත්‍යංශයේ ලේකම් තමයි..විමල් සියල්ල හෙළිකරයි
05:39
Video thumbnail
"සාම පාගමන වඩින්නේ නෑ..නිහඬබව රකින්න.." අපේ මිනිස්සුන්ට කියන දෙයක් තේරෙන්නේ නැති හැටි
01:02
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවසට CID නිලධාරීන් පැමිණෙයි
01:20
Video thumbnail
චන්දිමාල් ජයසිංහට වැඩ වරදියි - ජන ක්‍රීඩා වෙනුවට බඩු ක්‍රීඩා පැවැත්තුවේ..ප්‍රසිද්ධියේ සමාව ගන්න
08:55
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27