නව මහ බැංකු අධිපති හෙට වැඩ භාර ගනියි

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා වශයෙන් ආචාර්ය නන්දලාල් පී. වීරසිංහ හෙට දින වැඩ භාර ගැනීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

ඔහු ශී‍්‍ර ලංකා මහ බැංකුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා ලෙස සේවය කරනු ලැබූ අතර, අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු ආචාර්ය නන්දලාල් වීරසිංහට මහ බැංකු අධිපති ධුරය භාර ගන්නා ලෙස රජයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කෙරුණා.

එම ආරාධනය භාර ගැනීමට හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයා තීරණය කර ඇති අතර මේ අනුව ඔහු අද දින ශී‍්‍ර ලංකාවට පැමිණීමට නියමිතයි.

ශී‍්‍ර ලංකාවට පැමිණීමෙන් පසු ජනාධිපතිවරයාගෙන් මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීමේ ලිපිය ලබාගෙන හෙට දින මහ බැංකු අධිපතිවරයා ලෙස ඔහු වැඩ භාර ගැනීමට නියමිතව ඇත.

ආචාර්ය නන්දලාල් පී. වීරසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්‍ෂවරයකු ලෙස ද කටයුතු කර ඇත. ශී‍්‍ර ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂ ධුරය, සහකාර අධිපති ධුරය සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ධුරය ඇතුළු ශී‍්‍ර ලංකා මහ බැංකුවේ වැදගත් තනතුරු රැසක් හොබවා ඇති ආචාර්ය වීරසිංහ මහතා අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨතම මහ බැංකු නිලධාරියෙක් ද වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04