AFC Banner
Empty Ad
Empty Ad

අද දොළොස් පැයක විදුලි කප්පාදුවට සූදානම් ද ?

අද දිනයේදී පැය 12ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබා දුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප්‍රකාශ කලා.

ඒ අනුව, ඒ සිට එෆ් දක්වා කාණ්ඩවලට අලුයම 4.00 සිට පෙරවරු 6.00 අතර පැය 2 ක්, පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 4ක් සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6 ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

මේ අතර, ජී සිට එල් දක්වා කාණ්ඩවලට පෙ.ව. 6.00 සිට පෙ.ව 8.00 දක්වා පැය 2ක්, දහවල් 12 සිට ප.ව 04 දක්වා පැය 4 ක් සහ සවස 6 සිට රාත්‍රී 12 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

පී සිට එස් දක්වා කාණ්ඩවලට අලුයම 04 සිට පෙරවරු 06 දක්වා පැය 02 ක් / පෙරවරු 08 සිට දහවල් 12 දක්වා පැය 04 ක් සහ සවස 4 සිට රාත්‍රී 10 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

ටී සිට ඩබ්ලිව් දක්වා පෙ.ව. 6.00 සිට පෙ.ව 8.00 දක්වා පැය 2ක්, දහවල් 12 සිට ප.ව 04 දක්වා පැය 4 ක් සහ සවස 6 සිට රාත්‍රී 12 දක්වා පැය 6ක් විදුලිය කප්පාදු කෙරෙනු ඇති.

එම් එන් ඕ එක්ස් වයි සහ ඉසෙඩ් දක්වා කලාපවලට අලුයම 05 යි 30 සිට පෙරවරු 09 දක්වා පැය 03 යි විනාඩි 30 ක් සහ පස්වරු 04 සිට පස්වරු 06 දක්වා පැය 02 ක් ලෙස විදුලිය කපා හැරන බව ලංකා විදුලි බල මණ්ඩලය නිවේදනය කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?