මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත්කළ යුතුයි – මන්ත්‍රී හර්ෂ ද සිල්වා

වර්තමාන රජය කෙරෙහි දෙස් විදෙස් සියළු පාර්ශවයන්හි විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී ති⁣බෙන නිසා වෙළෙඳපොළවල් හිරවී අගුලු වැටී තිබෙන බවත් මේ ආකාරයෙන් මේ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කර සිටිනවා.

ඊයේ පස්වරුවේ කොළඹදී මාධ්‍ය අමතමින් ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ රට වර්තමාන අගාධයට ඇද දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයද වගකිව යුතු බැවින් මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් අළුතින් පත්කරන තුරු මෙම විශ්වාසය යළි ගොඩනැගිය නොහැකි බවයි.

“මුදල් මණ්ඩලය පසුගිය කාලයේ ගනිපු සියළු තීරණ වැරදියි. මේ විනාශයට ඔවුන්ද වගකිව යුතුයි. විශ්වාස බිඳවැටුණු විට වෙළෙඳපොළවල් හිරවෙනවා. නවතිනවා. මූල්‍ය වෙළෙඳපොළේ විශ්වාසය නැතිව කිසිම දෙයක් වෙන්නෙ නෑ. මේ නිසා, මේ ආණ්ඩුවට තවදුරටත් මේ ආර්ථිකය ගෙනියන්න බෑ. මේක විශ්වාසයේ අර්බුදයක්.”

මේසා විනාශයක් වී තිබියදීත් තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේ සැබෑ වුවමනාවක් නොපෙ⁣නෙන බවත් එවැනි වුවමනාවක් තිබේ නම් ඒ වෙනුවෙන් සකස්කළ ලිපිය පෙන්වන ලෙසත් මෙහිදී මන්ත්‍රීවරයා අභියෝග කර සිටියා.

එසේම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ වහාම සකස් කරන ලෙසත් එයින් ගසා නොකන ලෙසත් මෙහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කර සිටියේ.

තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ ප්‍රතිපත්ති පොලී අනුපාත වැඩි නොකර මෙම ගැටලු වලට පිළිතුරු සෙවිය නොහැකි බවත් කිසිවෙකුත් සෘණ පොලියක් ලබාගැනීමට කැමති නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?