මහ බැංකුවේ මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් ඉවත්කළ යුතුයි – මන්ත්‍රී හර්ෂ ද සිල්වා

වර්තමාන රජය කෙරෙහි දෙස් විදෙස් සියළු පාර්ශවයන්හි විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳවැටී ති⁣බෙන නිසා වෙළෙඳපොළවල් හිරවී අගුලු වැටී තිබෙන බවත් මේ ආකාරයෙන් මේ ආණ්ඩුවට තවදුරටත් ඉදිරියට යා නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා අවධාරණය කර සිටිනවා.

ඊයේ පස්වරුවේ කොළඹදී මාධ්‍ය අමතමින් ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසුවේ රට වර්තමාන අගාධයට ඇද දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයද වගකිව යුතු බැවින් මුදල් මණ්ඩලය සම්පූර්ණයෙන් අළුතින් පත්කරන තුරු මෙම විශ්වාසය යළි ගොඩනැගිය නොහැකි බවයි.

“මුදල් මණ්ඩලය පසුගිය කාලයේ ගනිපු සියළු තීරණ වැරදියි. මේ විනාශයට ඔවුන්ද වගකිව යුතුයි. විශ්වාස බිඳවැටුණු විට වෙළෙඳපොළවල් හිරවෙනවා. නවතිනවා. මූල්‍ය වෙළෙඳපොළේ විශ්වාසය නැතිව කිසිම දෙයක් වෙන්නෙ නෑ. මේ නිසා, මේ ආණ්ඩුවට තවදුරටත් මේ ආර්ථිකය ගෙනියන්න බෑ. මේක විශ්වාසයේ අර්බුදයක්.”

මේසා විනාශයක් වී තිබියදීත් තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාමේ සැබෑ වුවමනාවක් නොපෙ⁣නෙන බවත් එවැනි වුවමනාවක් තිබේ නම් ඒ වෙනුවෙන් සකස්කළ ලිපිය පෙන්වන ලෙසත් මෙහිදී මන්ත්‍රීවරයා අභියෝග කර සිටියා.

එසේම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ වහාම සකස් කරන ලෙසත් එයින් ගසා නොකන ලෙසත් මෙහිදී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කර සිටියේ.

තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ ප්‍රතිපත්ති පොලී අනුපාත වැඩි නොකර මෙම ගැටලු වලට පිළිතුරු සෙවිය නොහැකි බවත් කිසිවෙකුත් සෘණ පොලියක් ලබාගැනීමට කැමති නොවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27