මිනිස්සුන්ට කඩ කෑමත් එපා වෙයි

ආහාර මිල ඉහළ යෑම හේතුවෙන් ආපනශාලාවල ආහාර ලබා ගැනීම සඳහා පැවති ඉල්ලුම 50% කින් පමණ අඩු වී ඇති බව ආපනශාලාහිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් කියා සිටියේ විදුලි කප්පාදුවද මෙම තත්ත්වයට බලපෑම් එල්ල කර ඇති බවයි.

මේ අතර, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහාළුම් 600ක් පමණ තවදුරටත් වරාය තුළ සිරව ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සහල්, සීනි සහ පරිප්පු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මෙම බහාළුම් තුළ පවතින බවයි.

පරිප්පු සහ සීනි වැනි ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පවතින බවද ඔහු සඳහන් කළා. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම සහ නැව් සඳහා ප්‍රමාද ගාස්තු ගෙවීමට වැඩි මුදලක් වැයවීමයි.

එමෙන්ම කිරිපිටි මිල ඉහළ දැමුවද වෙළඳපොලේ තවදුරටත් කිරිපිටිවල හිඟයක් පවතිනවා. කිරිපිටි ආනයනකරුවන් සඳහන් කළේ, ඩොලර් නොමැතිවීම හේතුවෙන් මෙලෙස තවදුරටත් කිරිපිටි වෙළඳපොලට නිකුත් කිරීමට නොහැකි වී ඇති බවයි.

මේ අතර, අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම නිසා තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බව වාහන අළුත්වැඩියා කරන ස්ථානවල සේවකයින් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා අත්අඩංගුවට..ඇරස්ට් කරලා ඉද්දි ෆෝන් පාවිච්චි කරන්න පුළුවන්ද?"හිඟා කන්නත් විදියක් තියෙනවනේ"
01:54
Video thumbnail
සෝමාවතී රජමහා විහාරාධිපතිගෙන් දැඩි ප්‍රකාශයක්.."මම කිව්වා පාර උස්සලා හදන්න කියලා..එයලා ඇහුවෙම නෑ"
07:43
Video thumbnail
ජනපති සමහරුන්ට නත්තල් තෑගි දුන්නා..බලය ගන්න..අනේ වසන්ත ලැජ්ජයි..නගරාධිපතිවරු ඉල්ලා අස්වෙන්න ඕනි
07:16
Video thumbnail
නිවැසියන් ඉවත් වූ නිවසකින් හමුවූ අළු වූ නාඳුණන සිරුර..මුහුණවත් හොයාගන්න බැරි විදියට පි#ස්සිලා
00:51
Video thumbnail
ඔබට තව පෝය දෙකයි..බොරු කියන ආණ්ඩුව පන්නන්න ජනතාව පෙළගැහෙනවා..චමින්ද විජේසිරි හොඳම එකෙන් කියයි
10:48
Video thumbnail
විනාශ වූ මහගිරිදඹ ප්‍රදේශයේ පඩිපෙළ යුධ හමුදාවෙන් ප්‍රතිසංස්කරණය කරන අයුරු..
02:08
Video thumbnail
පස් කන්ඳක් කඩා වැ#ම නිසා සැරයන්වරයෙක් දැඩි අපහසුතාවයට..ඔක්කොටම කිව්වා තාම කවුරුත් පියවර ගත්තේ නෑ
03:24
Video thumbnail
ATM Card මඟින් මුදල් ගෙන යතුරු පැදියකින් අයිස් බෙදූ කතක් බඩුත් එක්කම කොටුවෙයි
00:59
Video thumbnail
මෛත්‍රිපාල,බිමල්,ගම්මන්පිල ඇතුළු ප්‍රබලයින් රැසක් හමුවී කරපු දේ.."මෙන්න මෙයා අපිව වීඩියෝ කරනවා"
03:09
Video thumbnail
"රනිල් කියන්නේ වැම්පයර් කෙනෙක්"..රනිල් කිසිම දවසක ජනතාව මත පය ග#පු කෙනෙක් නෙවෙයි
08:21


?