AFC Banner
Empty Ad
Empty Ad

ආගම ගැන මතවාදී ගැටුමක් හේතුවෙන් සිසුවියන් තිදෙනෙකු ගුරැවරියක් ඝාතනය කරයි

පකිස්තානයේ අන්ජුමාබාද්හි ආගමික පාසලක ගුරැවරියකඇගේ සිසුවියන් තිදෙනෙකු විසින් ගෙල කපා මරා දමා තිබේ. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ජමියා ඉස්ලමියා ෆලාහුල් බිනාට් නම් ඉස්ලාම් ආගමික පාසලක සේවය කළ ඩේරා ඉස්මයිල් ඛාන් නම් 21 හැවිරිදි ගුරිවරියකි.

ඇය විසින් පාසලේ ඉගැන්වීම් අතරතුර කරන ලද යම් ප්‍රකාශයක් ආගමට සිදු කළ අපහාසයක් බව සිසුවියන් පිරිසක් පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් ඔවුන් අතර ඇතිවූ සාකච්ඡාව බහින්බස් වීමක් දක්වා දුරදිග ගොස් ඇති අතර අවසානයේ සිසුවියන් විසින් ගුරැවරිය ආගම විකෘති කරන බවට ද චෝදනා කර ඇත.

සුලු වේලාවකින් පසු පන්ති කාමරයෙන් පිටත දී සිසුවියන් තිදෙනෙකු විසින් ගුරැවරියට පහරදී ගෙල කපා දමා ඇය ඝාතනය කර ඇති බව පකිස්තාන වාර්තාවල දැක්වේ.

එරට පොලිසිය විසින් සැකකාර සිසුවියන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව ද එරට වාර්තා පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?