ආගම ගැන මතවාදී ගැටුමක් හේතුවෙන් සිසුවියන් තිදෙනෙකු ගුරැවරියක් ඝාතනය කරයි

පකිස්තානයේ අන්ජුමාබාද්හි ආගමික පාසලක ගුරැවරියකඇගේ සිසුවියන් තිදෙනෙකු විසින් ගෙල කපා මරා දමා තිබේ. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ජමියා ඉස්ලමියා ෆලාහුල් බිනාට් නම් ඉස්ලාම් ආගමික පාසලක සේවය කළ ඩේරා ඉස්මයිල් ඛාන් නම් 21 හැවිරිදි ගුරිවරියකි.

ඇය විසින් පාසලේ ඉගැන්වීම් අතරතුර කරන ලද යම් ප්‍රකාශයක් ආගමට සිදු කළ අපහාසයක් බව සිසුවියන් පිරිසක් පවසා තිබේ.

මේ සම්බන්ධයෙන් ඔවුන් අතර ඇතිවූ සාකච්ඡාව බහින්බස් වීමක් දක්වා දුරදිග ගොස් ඇති අතර අවසානයේ සිසුවියන් විසින් ගුරැවරිය ආගම විකෘති කරන බවට ද චෝදනා කර ඇත.

සුලු වේලාවකින් පසු පන්ති කාමරයෙන් පිටත දී සිසුවියන් තිදෙනෙකු විසින් ගුරැවරියට පහරදී ගෙල කපා දමා ඇය ඝාතනය කර ඇති බව පකිස්තාන වාර්තාවල දැක්වේ.

එරට පොලිසිය විසින් සැකකාර සිසුවියන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව ද එරට වාර්තා පවසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන 30 සිට ග්‍රාම සේවා නිලධාරීන් දිවයින පුරා ලෙඩ නිවාඩු වාර්තා කරනවා - රජය එක්ක අපිට කිසිම තරහක් නෑ
05:48
Video thumbnail
පාරත් බදු අරගෙන යන සැප වාහන - මූන්ට ලයිසන් දීපු උන්ට ග#න්න ඕනි - පාර මැද මුන් යනවා
02:49
Video thumbnail
අජිත්ට නහුතෙටම තදවෙයි..ජනපතිට සැර සත්තමක් - ජනපතිතුමා මේ මොන නීතියක්ද ?
05:34
Video thumbnail
ඊයේ එක ගලයි ගැ#හුවේ කුරුල්ලෝ සෙට් එකක්ම බිම - නාමල් හදිස්සි වෙන්න එපා නම කතා කරනකල් ඉන්න
04:59
Video thumbnail
සජිත් වෙනුවෙන් පෙරට ආ අජිත්ට යකා නගියි - මන්ත්‍රීතුමිය සජිත්ගේ නංගි ගැන කිව්වේ සම්පූර්ණයෙන් බොරුවක්
07:17
Video thumbnail
මේ බලන්න පණුවෝ දඟලනවා - "ඊයේ වැස්සට වෙන්න ඇති..රෑත් සුද්ද කළා අපි"..සිංහපුර ඩෙංගු පරීක්ෂාව
05:24
Video thumbnail
හදිසියේම පාර්ලිමේන්තුවට ආ අමුත්තන් - කොහොමද එයාලා දුන්න ආචාරය
01:07
Video thumbnail
චරිත් අත්අඩංගුවට ගැනීම ගැන සජබ වරුණගෙන් ඇස් උඩයන හෙළිදරව්වක් - ප්‍රබල වීඩියෝවක් එළියට දායි
20:07
Video thumbnail
මම කිසිම පක්ෂ දේශපාලනයක නෑ දැන් - අගමැති - ජනපති එක්ක සාකච්ඡාවක් දෙන්න
18:47
Video thumbnail
ජනපති ඇවිත් කිව්ව දේට දායාසිරි කට උත්තර නැතිවෙන්න කියයි - ශානි, රවී අපේ සතුරෝ නෙවෙයි - විහිළු කතානේ
12:39