මළවුන්, යකුන් සහ භූතයන් මගින් යකැදුරන් කරපු බිහිසුණු පළිගැනීම්

අණවින, කොඩිවිණ, හදි හූනියම් ගැන ඔබ කවුරුත් අසා ඇති. අපේ අතීත කතා ඇහෙද්දි ඒ කාලෙ යක්කු බැඳගෙන වැඩගත්ත, මළමිනී වලටත් පණදීල බිහිසුණු ක්‍රියාවල යොදවපු මහා මන්තරකාරයො කට්ටඩි ගැන එහෙම අපිට අහන්න ලැබෙනව. ඔවුන් කල බව කියන හූනියම්, පිල්ලි, වැල් පැන්නුම්, ඉරි පැන්නුම් වැනි යන්ත්‍ර මන්ත්‍ර වැඩ අදටත් කරගෙන යන පිරිස් ඕනෙ තරම් ඉන්නවා. හැබැයි අද කාලෙ වෙද්දි නැති ප්‍රශ්න මිනිස්සුන්ගේ ඔලුවට දාල, බය ඇති කරලා, සල්ලි ගරාගන්න ගුරුකම් කාරයෝ තමයි ඉන්න තරමක් ඉන්නෙ. වර්තමානයෙදි මේ වගේ විනාශකාරී ගුප්ත ශාස්ත්‍ර ගැන විශ්වාස කරන පිරිස හුඟක් අඩුයි. ඒක ඇත්ත වශයෙන්ම තමන්ගේ මානසික සුවයට ඉතාම සුබවාදී දෙයක්.

මෙම ලිපියෙන් අදහස් කරන්නේ මේ දේවල් වල ඇත්ත නැත්ත ගැන සාකච්ඡා කිරීමට නම් නෙමෙයි. ඒ වෙනුවට මේ භයානක සහ දුෂ්ට ගුරුකම් වැඩ සහ ඒවායෙන් අත්වනවා යැයි කියන භයානක ප්‍රතිඵල ගැන ඔබට තොරතුරු ගෙන එන්නයි අපි සූදානම් වෙන්නේ

  1. කොඩිවින සහ හූනියම්

කොඩිවින සහ හූනියම් කියන්නේ මිනිසුන්ගෙන් පළිගැනීමට කරනු ලබන ගුප්ත ශාස්ත්‍ර වැඩ අතරින් ඉහලින්ම කියවෙනා නම් දෙකක්. කොඩිවිනයක් සහ හූනියමක් එකිනෙකින් වෙනස් වෙන එක ප්‍රධාන ලක්ෂණයක් තියනවා. ඒ තමයි කොඩිවිනයක් කරන්නේ කෙනෙක්ව මරණයට පත් කිරීමේ බලාපොරොත්තුවෙන් වීමයි. හූනියමකින් කරන්නේ කෙනෙක්ට ලෙඩදුක්, කුෂ්ට දද, වස්තු හානි, පිස්සු වැට්ටීම් ආදිය ඇති කිරීම මගින් පීඩාවට ලක්කිරීමයි.
හූනියම් කොඩිවිණ කරන ක්‍රම ගණනාවක් ගැනම අසන්නට ලැබෙනවා. සමහර හූනියම් කිරීමේදී ඒ සඳහා තමන්ගේ විරුද්ධවාදියාගේ කෙස්, ඇඳුමක නූල් සහ පයට පෑගුණු වැලි වලට මතුරා උපයෝගී කරගන්නවා. තවත් විටෙකදී මැටි හෝ ඉටි පිළිම වළලා කරනු ලබන හූනියම්ද වනවා. සූනියම් යක්ෂයා මූලික කොටගෙන කරන මේ හූනියම් කිරීමක් වැරදුනොතින් කරන ලද පුද්ගලයාටම නැවත කැරකී පැමිණෙනවායැයි කියවෙනවා.
ඒ වගේම වෙන කෙනෙකුන් විසින් තමන්ට කරන ලද හූනියමක් කපන්නටද කට්ටඩියෙකුගේ සහය අවශ්‍ය වෙනවා. තමන්ට කරන ලද හූනියම කැපීමේදී අවශ්‍යනම් තමන්ට හූනියම ඇටවූ පුද්ගලයා වෙත මෙය නැවත හරවා යැවීමටද පුලුවන් කමක් තිබෙනවා.

  1. අංගම

අංගම කියන්නේ කෙනෙක්ව ක්ෂණිකවම හෝ සුලු වේලාවකින් මරණයට පත් කිරීමට හැකි තරම් භයානක මන්ත්‍ර ක්‍රමයක්. විවිධ වූ භයානක ප්‍රථිපල ළඟාකරන අංගම් වර්ග බොහොමයක්ම තිබෙනවා.
මතුරාගත් මලක් හෝ කොළයක් වියලා සුරුට්ටුවක් සාදාගෙන විරුද්ධකාරයාට දුම් පිඹීම, ලේන්සුවකට හෝ කොලයකට මතුරා අවශ්‍ය පුද්ගලයාට ඉන් පවන් සැලීම, තරහකාරයාගේ සෙවනැල්ල පෑගීම, අත්ලට මතුරා විදහා දැක්වීම ආදී බොහෝ ක්‍රම මගින් අංගම් ක්‍රියාවට නංවනවා. මේ බොහෝ අංගම් වැදුනු සැණින් ඒ පුද්ගලයා නහයෙන් කටින් ලේ පෙරාගෙන මියයන බවයි පැවසෙන්නේ.

  1. වැල් පැන්නුම් සහ ඉරි පැන්නුම්

    වැල් පැන්නුම් සහ ඉරි පැන්නුම් වලදී තමන්ට අවශ්‍ය පුද්ගලයා ඒ හරහා ගමන් කිරීමට සැලැස්විය යුතු වනවා. වැල් පැන්නුම් සඳහා ගැටදමා මතුරන ලද වැල් භාවිතා කරනු ලබනවා. වැල් වලට අමතරව නූල් වලට මතුරා පන්නනු ලබන අවස්ථාද තිබෙනවා. ඉරි පැන්නුම් සඳහා සොහොනකින් ගන්නා ලද අඟුරු යොදාගන්නා වග කියැවෙනවා. ලෙඩ රෝග වලට ගොදුරු කිරීම, ආබාධිත තත්ත්වයට සහ උන්මත්තක ස්වභාවයට පත් කිරීම, පවුල් කඩා ඉහිරුවීම්, විවාහ පමා කිරීම් ආදිය සිදුකරමින් පළිගැනීමට වැල් සහ ඉරි පැන්නුම් භාවිතා කරනු ලබනවා.

    රත් නිවිතිය වැලේ ගුරුකම වැල් පැන්නුම් අතරින් ඉතාම භයානකම පැන්නුමක් බවට කියැවෙනවා. මෙහිදී වර්ණ තුනකින් යුතු නූල් පොටවල් මතුරා ඒ මගින් තමන්ට වින කැටීමට අවශ්‍ය කාන්තාව පන්නාගනු ලබනවා. ඉන් පසුව මේ නූල් පොටවල් රත් නිවිති වැළක ගැටගසා ගලායන ජලයකට හසුවන තැනක බැඳ තබන්නට කටයුතු කරනවා. මෙසේ කිරීමෙන් බලාපොරොත්තු වන්නේ අදාල කාන්තාවගේ මාස් ශූද්ධිය නොකඩවා සිදුවන්නට සලසා ඇයව විනාශයට පත් කිරීමට බවයි පැවසෙන්නේ.
  1. පිල්ලි
    පිල්ලි යනු සතෙකුගේ හෝ මල මිනිසෙකුගේ ආත්මයක් හරහා සතුරෙක්ට විපත් පැමිණවීමයි. අතීතයේ යකැදුරන් විසින් කුළුඳුල් දරුවන්ගේ මළසිරුරු පිල්ලි බවට පත්කර සතුරන්ගෙන් පළිගැනීමට යැවූ හැටි ගැන ලොමු දැහැගන්වන සුලු තොරතුරු වාර්තාවනවා.

    සමහර අවස්ථාවලදී කුළුදුල් දරුවෙක්ගේ පිල්ලියක් නිර්මාණය කරන්නට දරුවාගේ මව ගැබ්බර වන්නට කලින් සිටම කට්ටඩියා විසින් සූක්ෂම උපායන් යොදන බවයි කියවෙන්නේ. මෙසේ ලබාගන්නා මළසිරුර මමියක් සේ වියලාගෙන අමුසොහොනකට ගෙනගොස් මන්ත්‍ර ජප කිරීමෙන් ඊට යක්ෂයන් ආවේෂ කර පණදෙනු ලබනවා.

    මෙසේ පණ ලබන පිල්ලිය මගින් යකැදුරාටද හානි පැමිණෙන්නට ඉඩ තිබෙන හෙයින් ඒ සඳහා කල්තියාම ආරක්ෂාවට අවශ්‍ය දේවල් සලසාගෙන තමයි යකැදුරා මේ වැඩේ නිරත වන්නේ. ඉන්පසු තමන්ට පළිගැනීමට අවශ්‍ය තැනැත්තා වෙත පිල්ලුව යවනු ලබන්නේ ඔහුව මරා දැමීමට හෝ දුකට පත් කිරීමටයි.
    පිල්ලි අතුරින් භයානකම පිල්ලිය ලෙසට සැලකෙන්නේ නාග පිල්ලියයි. ඊට අමතරව ගරුඬ, කුරුමිණි, බඹර, දෙබර ආදී විවිධ සත්ත්ව පිල්ලි ගැන සඳහන්වනවා.
  1. කටු ගැසීම
    කටු ගැසීම කියන්නෙ තවත් එක දුෂ්ට පළිගැනීමේ ක්‍රමයක්. මේ ක්‍රමය ක්‍රියාවට නගන්නේ තමන්ගෙ විරුද්ධවාදියාගේ අඳින ලද රූපයකට හෝ පිළිමයකට කටු ඇණීම මගිනුයි. විවිධ අල වර්ග මේ රූප ඇඳීමට බහුල වශයෙන් යොදාගනු ලබනවා. මේවාට කටු ගසන්නට යොදාගන්නේ පැඟිරි ගස් වල කටු, පස්ලෝ කටු සහ සර්පයින්ගේ දළයි. කටු ගැසීමෙන් විරුද්ධවාදියාව සදාකාලික ලෙඩෙක් බවට පත්කොට මරණය වුවද කැඳවීමට හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ.
  2. පැළ ඉනි ඇටයේ ගුරුකම
    පැළ ඉනි ඇටයේ ගුරුකමද පවුල් පිටින් මරු කැඳවිය හැකි භයානක ගුරුකමක් හැටියටයි කියැවෙන්නේ. මෙහිදී පැළ ඉනි ඇටයකට මන්ත්‍ර ජීවම් කරනු ලබන අතර ඉන්පසු රහසිගතවම මෙය තම සතුරාගේ ගෙවත්තෙන් වළලනු ලබනවා. මෙම ඇටය පැළ වී ක්‍රම ක්‍රමයෙන් වැඩී මුල්ම පත්‍රය ගසෙන් වැටුණු මොහොතේ පටන් ඒ භූමියේ වාසය කරන්නන්ට අපල ගෙනදෙන බවටයි විශ්වාසයේ පවතින්නෙ. පත්‍ර එකිනෙක වැටීමේදී නිවැසියන්ද එකා බැගින් මරණයට පත් කරන්නට තරම් මේ ගුරුකම බලගතු වනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
චාමර සම්පත් කැම්බල් පිටිය නිරීක්ෂණයට ගැම්මට එයි..ආණ්ඩුව පලවා හැරීමේ පළවෙනි රැල්ලනේ මේ
02:53
Video thumbnail
පසන් කස්තුරි මාලිමාවේ හඬ පටයක් ලීක් කරයි ?.."මහින්දලාගේ ගේමක් තමයි මේක"ඔන්න සාක්ෂි
07:33
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53