AFC Banner
Empty Ad
Empty Ad

පුෂ්පිකා සහ කැරලොයින්ගේ නඩුවට දින නියම කරයි

ඉකුත් වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවති විවාහක රූ රැජින තරඟයේ දී කිරුළ දිනාගත් පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ කලහකාරී ලෙස ගලවා තුවාල සිදුකළේ බවට චෝදනා කළ විවාහක රූ රැජිනක් වන කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර යන අයට එරෙහිව කුරුදුවත්ත පොලීසිය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අප්‍රේල් මස 04 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කරනු ලැබුවා.

එම පැමිණිල්ල අද (14) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දන්වා සිටියේ එම පැමිණිල්ල සමථ මණ්ඩලය වෙත යොමු කර ඇති බවයි.

ඒ අනුව පාර්ශ්වකරුවන්ට සමථ මණ්ඩලය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා අනතුරුව පැමිණිල්ල අප්‍රේල් මස 04 වනදා කැඳවන ලෙස නියෝග කර සිටියා.

අද අධිකරණය හමුවට පැමිණි පුෂ්පිකා ද සිල්වා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා.

“කීර්ති නාමයට වෙච්ච දේට අපි නඩුවක් පවරනවා ද? නැද්ද කියන දේ නීතිඥවරුන් එක්ක මං කතා කරගෙන යනවා. ඉදිරියට ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. දැන් වුණ දේවල් වුණා. එයාලට මං සමාව දීලා තියෙනවා ඒ වගේම ගරු අධිකරණයෙන් තීන්දුව මත හැමදේම තීරණය වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?