පුෂ්පිකා සහ කැරලොයින්ගේ නඩුවට දින නියම කරයි

ඉකුත් වසරේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවති විවාහක රූ රැජින තරඟයේ දී කිරුළ දිනාගත් පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ කලහකාරී ලෙස ගලවා තුවාල සිදුකළේ බවට චෝදනා කළ විවාහක රූ රැජිනක් වන කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍ර යන අයට එරෙහිව කුරුදුවත්ත පොලීසිය විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල අප්‍රේල් මස 04 වනදා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කරනු ලැබුවා.

එම පැමිණිල්ල අද (14) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දන්වා සිටියේ එම පැමිණිල්ල සමථ මණ්ඩලය වෙත යොමු කර ඇති බවයි.

ඒ අනුව පාර්ශ්වකරුවන්ට සමථ මණ්ඩලය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා අනතුරුව පැමිණිල්ල අප්‍රේල් මස 04 වනදා කැඳවන ලෙස නියෝග කර සිටියා.

අද අධිකරණය හමුවට පැමිණි පුෂ්පිකා ද සිල්වා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් දක්වා සිටියා.

“කීර්ති නාමයට වෙච්ච දේට අපි නඩුවක් පවරනවා ද? නැද්ද කියන දේ නීතිඥවරුන් එක්ක මං කතා කරගෙන යනවා. ඉදිරියට ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. දැන් වුණ දේවල් වුණා. එයාලට මං සමාව දීලා තියෙනවා ඒ වගේම ගරු අධිකරණයෙන් තීන්දුව මත හැමදේම තීරණය වෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53
Video thumbnail
පොලිස්පතිට චීත්තේ අන්දන්න ඕනේ - අනුරගේ නහයත් දැන් දික්වෙනවා
23:35
Video thumbnail
පොහොට්ටුවේ රැළිය ගැන ජනාධිපති සැරටම කිව්ව දේ..
01:17
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර
01:05