අමාත්‍ය මණ්ඩලය රැස්වීම අද

සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (14) දිනයේ පැවැත්වීමට නියමිතය.

අද පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැත්වෙන බව වාර්තා වේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ අද දිනයේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඒ සම්බන්ධයෙන් විශේෂ අවදානයක් යොමුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

විශේෂයෙන් අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දි බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ, අද පැවැත්වෙන කැබිනට් රැස්වීමෙන් පසුව බස් ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවය.

මේ අතර භාණ්ඩ හා සේවා ගාස්තු ඉහළ නැංවීම සම්බන්ධයෙන් ද අද දිනයේ දි අමාත්‍ය මණ්ඩලයේ අවදානය යොමුවනු ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරු අල්ලන එක ඉස්සරහට දාලා දේශපාලන පළිගැනීම් කරනවා
07:13
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි - උඹට කවුද දුන්නේ ?ගණන් කරපන්
01:35
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරනවට රටේ ඉන්න තරුණයන් විරුද්ධයි
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.04
08:27:07
Video thumbnail
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
02:27
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:54
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
03:59
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා - එතකොට බලාගන්නම්
02:48
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39