තෙල් සංස්ථාවට කෝටි ගණන් පොලු තැබූ ආයතන 07

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු ආයතන හතක් ඉන්ධන වෙනුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් කෝටි 13,000 කට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) විසින් පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කෙරුණු වාර්තාවක සඳහන් වේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට මෙසේ මුදල් ගෙවීම පැහැර හැර ඇති සෙසු ආයතන වන්නේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ,ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසියයි.

වැඩිම මුදලක් ගෙවීම පැහැර හැර ඇත්තේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයයි. මෙසේ ගෙවීම පැහැර හැර ඇති මුදල රුපියල් කෝටි 7300කි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුපියල් කෝටි 5600ක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම වාර්තාවේ සඳහන් වේ.

ඛනිජ තෙල් සංස්ථාවට අය විය යුතු හිඟ මුදල් අයකර ගැනීම සඳහා එම ආයතන සමඟ සාකච්ඡා කර එකඟත්වයක් ඇතිකර ගන්නැයි කෝප් කමිටුව බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස්දී ඇත.

මේ අතර ලෝක වෙළෙඳ පොළේ ඛනිජ තෙල් මිල 2019 වසරේදී පහළ ගිය පසු 2020 වසරේදී (මාර්තු – අප්‍රියෙල් කාලසීමාවේදී) ඒ සඳහා විශේෂ බද්දක් පනවන තුරු ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දීය තෙල් සමාගම ඉන්ධන සඳහා අතිරේක ලාභයක් ලබා ගෙන ඇතැයි එම කාරක සභාව සඳහන් කරයි.

මිල අඩු වීමේ වාසියෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබාගන්නා ලද ලාභය කොපමණදැයි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව දැනුම්දී ඇතත් අමාත්‍යාංශය හෝ සංස්ථාව එම වාර්තාව ඉදිරිපත් කිරීම මග හැර ඇතැයි කෝප් කමිටු වාර්තාව සඳහන් කරයි.

මේ අතර අන්තර්ජාතික වශයෙන් ඇතිවිය හැකි හදිසි අහිතකර තත්වයන් යටතේ රට තුළ ඉන්ධන සැපයුම අඩාල විය හැකි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ආරක්ෂිත ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙසට කෝප් කමිටුව බලශක්ති අමාත්‍යාංශයට සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට නිර්දේශ ඉදිරිපත් කර තිබෙන බවට ඒ වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත් ජනාධිපතිට රිදෙන්නම දෙයි - ඔළුවෙන් හිටගෙන දැඟලුවත් අනුරට බෑ
10:21
Video thumbnail
කථානායකතුමා කොල්ලෙක් එක්ක සල්ලි අච්චු ගහනවා - මම දොර ඇරියා කියලා මිනිහාට මළ පැන්නා
03:47
Video thumbnail
අඹුසැමි යුවළක් එළොව යැවූ සැකකරු කොටුවෙයි
01:05
Video thumbnail
මේවා අයිතියි පැලවත්තට නෙමෙයි - කවුද හොරකම් කළේ..?
05:48
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'දෙහි බාලේ'ගේ ගෝලයෙක් අයිස් සමඟ කොටුවෙයි
00:56
Video thumbnail
නාමල්ව ඉක්මණට ගේන්න කියලා මිනිස්සු දැන් කියනවා
02:55
Video thumbnail
ආණ්ඩුවට උදව් කරන්න සජබය පෙරට එයි
09:44
Video thumbnail
උද්දච්චකම පැත්තකින් තියලා දන්න අයගෙන් උපදෙස් ගන්න
09:13
Video thumbnail
රනිල්ට කෝල් එකක් දීලා උදව් ඉල්ලන්න - නැත්තම් අනුරට සොරි ඩොට් කොම්
02:30
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11