AFC Banner
Empty Ad
Empty Ad

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමත් කොට උඩ යයි ද?

රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම සඳහා යොදාගන්නා ආනයනික ‘සුහුරු’ කාඩ්පත් මිලියනයක් ඇනවුම්කර තිබුණ ද ඒවා සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැතිවීමෙන් රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ඇනහිට ඇති බව වාර්තා වනවා.

මෙම තත්වය හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නව සහ යාවත්කාලීන කරන රියදුරු බලපත්‍ර සඳහා තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කරනු ලබන බවයි වාර්තා වන්නේ.

ඔස්ට්‍රියාවෙන් ඇනවුම් කර ඇති මෙම කාඩ්පත් මිලියන සඳහා යූරෝ 690,000 ක් ගෙවිය යුතු වුවද එම යූරෝ ප්‍රමාණය මහ බැංකුවෙන් නිකුත් නොකිරීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බව වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?