අතවශ්‍ය නොවන භාණ්ඩ ගැන තීරණය අද

නම් කළ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තුව අද දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය ලැබුණු පසු ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ. රට තුළ පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600ක් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමටයි ඉකුත්දා තීරණය කළේ.

කෙසේවෙතත් කාණ්ඩ 11ක් යටතේ භාණ්ඩ 623ක් ආනයනය සීමා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් වසරේ සැප්තැම්බර් මස 9 වැනිදා සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව ක්‍රියාත්මක කිරීමටයි තීරණය කෙරුණේ. ඒ අනුව දැඩි ආනයන සීමා පනවා තිබූ භාණ්ඩ අතරට ජංගම දුරකථන, විදුලි උපකරණ, ළදරු ඇඳුම්, යට ඇදුම් ඇතුලු නිමි ඇදුම්, පාවහන් මෙන්ම ඇපල්, මිදි, දොඩම්, චීස් බටර් ඇතුලු ආහාර ද්‍රව්‍යද ඇතුලත් වුණා.

කෙසේවෙතත් අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පනවා තිබූ එම සීමා ඉකුත් වසරේම ඔක්තෝම්බර් පළමු වනදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14