නම් කළ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ලැයිස්තුව අද දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය පවසනවා. ඒ සදහා අමාත්‍ය මණ්ඩලයේ නිර්දේශය ලැබුණු පසු ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කරන බවයි එම අමාත්‍යාංශය සදහන් කළේ. රට තුළ පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 600ක් මෙරටට ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීමටයි ඉකුත්දා තීරණය කළේ.
කෙසේවෙතත් කාණ්ඩ 11ක් යටතේ භාණ්ඩ 623ක් ආනයනය සීමා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් වසරේ සැප්තැම්බර් මස 9 වැනිදා සියයට සියයක ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාව ක්‍රියාත්මක කිරීමටයි තීරණය කෙරුණේ. ඒ අනුව දැඩි ආනයන සීමා පනවා තිබූ භාණ්ඩ අතරට ජංගම දුරකථන, විදුලි උපකරණ, ළදරු ඇඳුම්, යට ඇදුම් ඇතුලු නිමි ඇදුම්, පාවහන් මෙන්ම ඇපල්, මිදි, දොඩම්, චීස් බටර් ඇතුලු ආහාර ද්‍රව්‍යද ඇතුලත් වුණා.
කෙසේවෙතත් අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ ආනයනය කිරීම සඳහා පනවා තිබූ එම සීමා ඉකුත් වසරේම ඔක්තෝම්බර් පළමු වනදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලැබුවා.














Stop all imports from the US including people who are brought in to the country for work.
Please stop all imports from the US including people who are brought in to work in Sri Lanka.
It appears that the President and Finance Minister are non-essential imports for our country.