AFC Banner
Empty Ad
Empty Ad

සුරූපී ටීනාගේ නමත් සම්මානයකට නිර්දේශ වෙයි

ටීනා ශනෙල් කියන්නේ ජනප්‍රියම සහ නිරන්තරයෙන් කතාබහට ලක්වෙන නිරූපණ ශිල්පිනියක්. ඇය මේ වෙද්දි චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කිහිපයකටම රංගනයෙන් එක් වී තිබෙනවා.

රංගනයට අලුත් මුහුණක් වුණු ටීනා මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේ සම්මානයකට නිර්දේශ වී තිබෙනවා. ඒ රයිගම් ටෙලීස් 2021 හි වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය වෙනුවෙන්.

ස්වර්ණවාහිනියේ විකාශය වුණු වලවේට්ටුවා ටෙලි නාට්‍යයේ වෙල්මාගේ චරිතයට රංගනයෙන් දායක වීම හරහා තමයි ටීනා මෙලෙස නැගී එන නිළිය ලෙසින් නිර්දේශ වී තිබෙන්නේ. එළඹෙන මාර්තු 26 වැනිදා රයිගම් ටෙලීස් සම්මාන රාත්‍රිය පැවැත්වෙන අතර තමා නිර්දේශ වීම ගැන ටීනා සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහනක් එක්කොට තිබුණා.

“රයිගම් සම්මාන උලෙල 2021 මගේ කලා ජීවිතේ ප්‍රථම නිර්දේශය.

වෙලමා…

ඉතාමත් කැපවීමෙන් , මහන්සියෙන් කරපු චරිතයක්, මට මේ අවස්තාව ලබා දුන් වලවෙට්ටුවා කන්ඩායමට ස්තූතියි ,,
නිර්දේශ උන සියලුම දෙනාට සුබ පැතුම් …

කලාවේ ඇගයීම මොනතරන්නම් උත්තේජනයක්ද.

ස්තූතියි රයිගම්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?