AFC Banner
Empty Ad
Empty Ad

හෙට දිනයේ විදුලි කප්පාදුව දීර්ඝ වෙන හැඩක්….

විදුලි කප්පාදුව යළි හෙට (28) දිනයේ දීර්ඝ කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

සතිඅන්තයේ විදුලි ඉල්ලුමේ අඩුවක් පවතින බැවින් අද (27) විදුලි කප්පාදුව සිදුකෙරෙන්නේ A,B සහ C යන කලාපවලට පමණය.

අදත් රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

තාප බලාගාර රැසකට ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද දහවල් හා සවස් කාලයේ ජාතික විදුලි පද්ධතියේ මෙගාවොට් 388ක පමණ හිඟයක් පවතී.

මේ හේතුවෙන් අද දිනයේ පැය 02යි විනාඩි 30ක විදුලිය කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ අනුව ABC යන කලාප 03 සඳහා පමණක් අද උදෑසන 9.00 සිට පස්වරු 4.30 දක්වා අතර කාලය තුළ පැය 02යි විනාඩි 30ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

සෙසු ප්‍රදේශ සඳහා අද දිනයේ විදුලි කප්පාදුවක් සැලසුම් කර නොමැති අතර රාත්‍රී කාලයේ දිවයින පුරා විදුලිය කප්පාදුවක් සිදුනොකෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

හෙට දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය සම්බන්ධයෙන් අද පස්වරුවේ දැනුම් දීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?