හෙට දිනයේ විදුලි කප්පාදුව දීර්ඝ වෙන හැඩක්….

විදුලි කප්පාදුව යළි හෙට (28) දිනයේ දීර්ඝ කිරීමට සිදුවනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.

සතිඅන්තයේ විදුලි ඉල්ලුමේ අඩුවක් පවතින බැවින් අද (27) විදුලි කප්පාදුව සිදුකෙරෙන්නේ A,B සහ C යන කලාපවලට පමණය.

අදත් රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවක් සිදුනොකරන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

තාප බලාගාර රැසකට ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද දහවල් හා සවස් කාලයේ ජාතික විදුලි පද්ධතියේ මෙගාවොට් 388ක පමණ හිඟයක් පවතී.

මේ හේතුවෙන් අද දිනයේ පැය 02යි විනාඩි 30ක විදුලිය කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ.

ඒ අනුව ABC යන කලාප 03 සඳහා පමණක් අද උදෑසන 9.00 සිට පස්වරු 4.30 දක්වා අතර කාලය තුළ පැය 02යි විනාඩි 30ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

සෙසු ප්‍රදේශ සඳහා අද දිනයේ විදුලි කප්පාදුවක් සැලසුම් කර නොමැති අතර රාත්‍රී කාලයේ දිවයින පුරා විදුලිය කප්පාදුවක් සිදුනොකෙරෙන බව මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.

හෙට දිනයේ විදුලි කප්පාදුව සිදුවන ආකාරය සම්බන්ධයෙන් අද පස්වරුවේ දැනුම් දීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16