AFC Banner
Empty Ad
Empty Ad

තමන්ට තොරතුරු නොලැබුනු බවට දිවුරන්න සූදානම් හිටපු ජනපති

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට කිසිදු තොරතුරක් සිංගප්පූරුවේ රෝහලක නේවාසික ව ප්‍රතිකාර ලබද්දී නොලැබුණ බව ඕනෑම දේවස්ථානයක කුරුසියේ අත ගසා දිවුරා සපත කළ හැකි බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුර දැනුවත්ව විදෙස් සංචාරයක නිරතවූ බවට එල්ලවන චෝදනා මුලුමනින්ම අසත්‍ය බවයි හිටපු ජනාධිපතිවරයා සඳහන් කලේ.

ඔහු මේ බව පැවසුවේ පොලොන්නරුව නිර්මලී දෙව් මැදුරේ ඉරිදා දේව මෙහෙයට සහභාගීවීමෙන් අනතුරුව පැවති උත්සවයක දීයි.මේ පිළිබඳව යම් හෝ තොරතුරක් බුද්ධි අංශ හෝ ආරක්ෂක අංශ දැනුවත් කලේ නම් රටෙන් පිට නොවන බවද ඔහු මෙහිදී කියාසිටියා.

සිංගප්පූරුවේ සිටින අවස්ථාවේ හෝ දැනුම් දුන්නේ නම් වහාම ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇඳිරිනීතිය ක්‍රියාත්මක කර අවශ්‍ය ක්‍රියාමාර්ග වහාම ගන්නා බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කලා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?