සතියේ වැඩ කරන දින ගණන සීමා කරන්න යෝජනාවක්

ඩොලර් හිඟයත් සමඟ ඇතිව තිබෙන ඉන්ධන අර්බුදය හමුවේ ,රටේ ආර්ථිකය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාවලියක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් රජයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉකුත් අඟහරුවාදා පැවති විශේෂ කැබිනට් රැස්වීමේ දී මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා විසින් එම යෝජනාවලිය රජයට ඉදිරිපත් කරනු ලැබ ඇතැයි වාර්තා වේ.

රාජ්‍ය බැංකු දෙකෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට තවදුරටත් ණය ලබා දුනහොත් ,බැංකු දෙක කඩා වැටීම වළක්වා ගැනීම අසීරු වන බැවින්,එම බැංකු දෙකෙන් සංස්ථාවට ණය දීම වහාම නවත්වන්නැයි ද මහ බැංකුව යෝජනා කර ඇත.

ඛනිජ තෙල් සංස්ථාව රාජ්‍ය බැංකු දෙකට ගෙවිය යුතු ණය ප්‍රමාණය රුපියල් කෝටි පනස් හය දාහක් පමණ (ඇමරිකානු ඩොලර් මිලියන 2800 ක්) වන බව වාර්තා වේ.

මේ තත්වය හමුවේ සංස්ථාවට තවදුරටත් ණය ලබාදුනහොත් බැංකු දෙක කඩා වැටී ආර්ථිකය බරපතල අර්බුදයකට ඇද වැටීමට ඉඩ ඇති බැවින්, වහාම විකල්ප ක්‍රියාමාර්ග වලට යායුතු බවට ද මහබැංකුව යෝජනා කර තිබේ .

තෙල් සංස්ථාව ඉන්ධන අලෙවියෙන් ලබන පාඩුව අවම කර ගැනීම සඳහා ඉන්ධන මිල සැලකිය යුතු ගණනකින් වැඩි කිරීමට ද මහ බැංකුව රජයට යෝජනා කර ඇත .

සතියේ වැඩ කරන දින ගණන හතරට අඩුකර, පැය ගණන වැඩි කරන ලෙසට මහ බැංකුව යෝජනා කර තිබේ . ඒ අනුව ආයතනවල කටයුතු උදේ හතයි තිහට ආරම්භ කර, පස්වරු පහයි තිහ දක්වා පවත්වාගෙන යන ලෙසට එමගින් යෝජනා කර තිබේ . ආයතන තුළ සිට වැඩ කරන සේවකයන්ට උදේ 9.00 සිට හවස 3.00 දක්වා වැඩ කර ,නිවෙස්වලට කලින් යාමේ අවස්ථාව සලසා දිය යුතු බවට ද මහ බැංකුව යෝජනා කර තිබේ .

පෞද්ගලික වාහන භාවිතය අධෛර්යමත් කර ,පොදු ප්‍රවාහනයට යොමු කරන ලෙසද මහ බැංකුව ඉල්ලා ඇත . මේ අතර ,ඇතිව තිබෙන අර්බුදය සම්බන්ධයෙන් සහ ඉන්ධන පරිහරණය අරපිරිමැස්මෙන් කළ යුතු බවට ජනතාව දැනුවත් කිරීමට මාධ්‍ය හරහා විශාල ප්‍රචාරයක් ගෙන යන ලෙසද මහ බැංකුව ඉදිරිපත් කර ඇති යෝජනාවලියේ සඳහන් වේ .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39