සඳුදාට පසුවත් විදුලි කප්පාදුවක්

දැනට පවතින දත්ත අනුව සඳුදා සිට යළිත් විදුලිය කප්පාදුවකට යාමට සිදුවනු ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අද සහ හෙට රාත්‍රී කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නො කරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ. අද දිනයේ දිවා කාලයේ සිදු කරන විදුලිය කප්පාදුව ද අවම කර ඇති අතර, ඒ,බී සහ සී කලාප සඳහා දිවා කාලයේ පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

සෙසු කලාප සඳහා අද දිනයේ විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැය දෙකහමාරක කාලයක් සඳහා පමණයි.

හෙට දිනයේ දිවා කාලයේ පමණක් විදුලිය කප්පාදුව සිදු කෙරෙන අතර, ඒ, බී සහ සී කලාප සඳහා පැය දෙක හමාරක කාලයක් එලෙස විදුලිය කප්පාදු කිරීම සිදු කෙරෙනු ඇති.

විදුලි කප්පාදුවෙන් වැළකී සිටීම හෝ අවම කප්පාදුවක් ක්‍රියාත්මක කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට සිදු කළ දැනුම්දීම අනුවයි මෙලෙස සති අන්තයේ සිදු කෙරෙන විදුලිය කප්පාදුව සීමාකර ඇත්තේ.

මේ අතර පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 38,400ක් අඩංගු නෞකාව අද දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා.

එසේම විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවිතෙල් අඩංගු නෞකාවක්ද ලබන සති අන්තයේ දී මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41
Video thumbnail
චීස් පෙට්ටි සොරාගෙන කලිසම අස්සට දාගත්ත සොරදෙටුවා
00:31