සඳුදාට පසුවත් විදුලි කප්පාදුවක්

දැනට පවතින දත්ත අනුව සඳුදා සිට යළිත් විදුලිය කප්පාදුවකට යාමට සිදුවනු ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අද සහ හෙට රාත්‍රී කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නො කරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ. අද දිනයේ දිවා කාලයේ සිදු කරන විදුලිය කප්පාදුව ද අවම කර ඇති අතර, ඒ,බී සහ සී කලාප සඳහා දිවා කාලයේ පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

සෙසු කලාප සඳහා අද දිනයේ විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැය දෙකහමාරක කාලයක් සඳහා පමණයි.

හෙට දිනයේ දිවා කාලයේ පමණක් විදුලිය කප්පාදුව සිදු කෙරෙන අතර, ඒ, බී සහ සී කලාප සඳහා පැය දෙක හමාරක කාලයක් එලෙස විදුලිය කප්පාදු කිරීම සිදු කෙරෙනු ඇති.

විදුලි කප්පාදුවෙන් වැළකී සිටීම හෝ අවම කප්පාදුවක් ක්‍රියාත්මක කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට සිදු කළ දැනුම්දීම අනුවයි මෙලෙස සති අන්තයේ සිදු කෙරෙන විදුලිය කප්පාදුව සීමාකර ඇත්තේ.

මේ අතර පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 38,400ක් අඩංගු නෞකාව අද දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා.

එසේම විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවිතෙල් අඩංගු නෞකාවක්ද ලබන සති අන්තයේ දී මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රටටම බත සපයපු ගොවියට බඩේ ප#ර වැදුණා..අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29
Video thumbnail
කදපොළට අධික වර්ෂාපතනයක් ඇදහැලෙයි..මුළු පළාතක්ම මීදුමකින් වැසෙයි
02:25
Video thumbnail
දිස් ඉස් බිග් කුච්චන් - ගංජා පැල ටිකක් ඇවිල්ලා තියෙන්නේ
03:17


?