පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට එන අලුත්ම උපකරණය

පාර්ලිමේන්තු සංකීර්ණය සතුරු ඩ්‍රෝනා යානාවලින් ආරක්ෂා කර ගැනීම සඳහා ඩ්‍රෝනා නාශක උපකරණ පද්ධති (Anti drone detection system ) තවත් තුනක් එහි සවිකිරීමට කටයුතු කරගෙන යන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටිනවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ අංශයක් විසින් මෙම ඩ්‍රෝනා නාශක උපකරණ පද්ධති නිෂ්පාදනය කරනු ලබන බව සඳහන් කරන වේත්‍රධාරිවරයා අඩු වියදමකින් එම උපකරණ පද්ධති සවි කිරීමට මේනිසා හැකිවන බවද සඳහන් කළේ.

ඩ්‍රෝනා නාශක උපකරණ පද්ධති කිහිපයක් පාර්ලිමේන්තු සංකීර්ණයේ මෙයට පෙරද සවි කරනු ලැබීය. ඒවා පාර්ලිමේන්තුවට පිරිනමනු ලැබුවේද යුද හමුදාව විසිනි.

සතුරු ඩ්‍රෝනා යානා කල්තියා හඳුනා ගෙන ඒවා පලවා හැරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ඩ්‍රෝනා නාශක උපකරණ පද්ධති මගින් සිදු කෙරේ.

මේ අතර පාර්ලිමේන්තුවට ඉහළ අහසේ සරුංගල් යැවීමද ආරක්ෂක හේතූ මත තහනම් කරනු ලැබ ඇත. පාර්ලිමේන්තුවට ඉහළින් සරුංගල් යැවූ කිහිප දෙනකුට ආරක්ෂක අංශ විසින් පසුගිය දිනවල අවවාද කරනු ලැබ ඇතැයි දැනගන්නට ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39