සදුදා සිට විදුලි කප්පාදුව තවත් වැඩිලු.. නමුත් කොළඹට කපන්නේ නෑලු

දැනට පවතින දත්ත අනුව සඳුදා සිට යළිත් විදුලිය කප්පාදුවකට යාමට සිදුවනු ඇති බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අද සහ හෙට රාත්‍රී කාලයේ විදුලිය කප්පාදුවක් සිදු නො කරන බවයි එම කොමිෂන් සභාව සඳහන් කළේ.

අද දිනයේ දිවා කාලයේ සිදු කරන විදුලිය කප්පාදුව ද අවම කර ඇති අතර, ඒ,බී සහ සී කලාප සඳහා දිවා කාලයේ පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා. සෙසු කලාප සඳහා අද දිනයේ විදුලි කප්පාදුව සිදු කෙරෙන්නේ පැය දෙකහමාරක කාලයක් සඳහා පමණයි. හෙට දිනයේ දිවා කාලයේ පමණක් විදුලිය කප්පාදුව සිදු කෙරෙන අතර, ඒ, බී සහ සී කලාප සඳහා පැය දෙක හමාරක කාලයක් එලෙස විදුලිය කප්පාදු කිරීම සිදු කෙරෙනු ඇති.

විදුලි කප්පාදුවෙන් වැළකී සිටීම හෝ අවම කප්පාදුවක් ක්‍රියාත්මක කරන ලෙස මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට සිදු කළ දැනුම්දීම අනුවයි මෙලෙස සති අන්තයේ සිදු කෙරෙන විදුලිය කප්පාදුව සීමාකර ඇත්තේ.

මේ අතර පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 38,400ක් අඩංගු නෞකාව අද දිනයේ දී දිවයිනට පැමිණීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා.

එසේම විදුලි බලාගාර සඳහා අවශ්‍ය දැවිතෙල් අඩංගු නෞකාවක්ද ලබන සති අන්තයේ දී මෙරටට ගෙන්වාගැනීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළ බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහල් සංකීර්ණ නිරීක්ෂණයට ගිය අමාත්‍ය එරංග ඉස්සරහා ජනතාව කිව්ව සැර කතාව - "අපිට සිහින ගොඩාක් දුන්නා"
09:02
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි
00:47
Video thumbnail
හෙල්මට්වත් දාන්නේ නැතුව තනි ඉරත් කපාගෙන බයික් එකේ යන හැටි
00:16
Video thumbnail
තිණියාවල පාලිත හිමි සමාව ගනියි - ගෝඨාභය ගැන කළ ප්‍රකාශය ඉල්ලා අස් කරගන්නවා
02:01
Video thumbnail
"කෝච්චිය ළඟටම එනකල් දැක්කේ නෑ" - ලොරි රථයක් දුම්රියක ගැටී සිදුවූ බිගිසුණු අනතුර
04:00
Video thumbnail
සුවසැරිය සේවක‍යින් මහ පාරට බහියි - ආණ්ඩුව ආවට පස්සේ සුවසැරියේ තියෙන්නේ මිලිටරි පාලනයක්
07:16
Video thumbnail
විනාශවුණ වැඩිහිටි නිවාසය බලන්න ආ මන්ත්‍රී රෝහිත සංවේදී වී බලාගෙන හිටපු හැටි
01:25
Video thumbnail
වැඩිහිටි නිවාසයේ රාජකාරිය කළ පුද්ගලයෙක් සිදුවූ සියල්ල එළියට දායි - "ගින්න ඇතිවුණේ මෙට්ට ටිකෙන්"
01:18
Video thumbnail
එකට සිටි පිරිස දාලා යන්න බැරිව නිවාසයේ සිටි මව්වරුන් හඬා වැටෙයි - "අනේ මට යන්න බෑ..මාව බේරගන්න.."
02:32
Video thumbnail
නිවසේ තිබූ සිරුරු එළියට ගෙන රැගෙන යයි - "සෙනෙහසේ කැඳැල්ලේ" නවතම තොරතුරු මෙන්න
02:31