තානාපතිවරුන්ට විශේෂ කැඳවීමක් : හේතුව බලශක්ති ඇමති කියයි

තෙල් නිෂ්පාදනය කරන සියලුම රටවල තානාපතිවරුන්ට මාර්තු මස 15 වෙනිදා කැඳවා ඇති බවත් දීර්ඝ කාලීන ණය පහසුකම් යටතේ ඉන්ධන ආනයනය කිරීමට සාකච්ජා කිරීමට එහිදී බලාපොරොත්තු වනවා. ඇත්ත වශයෙන්ම රටේ ඉන්ධන සඳහා මුදල් වෙන් කිරීම ගැටලුවක් වී තිබෙනවා යැයි අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටියා.

අද රටේ පවතින්නේ ඉන්ධන, ඖෂධ හෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් නොව විදේශ විනිමය හිඟයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටිනවා. රටේ පවතින ඉන්ධන හිඟය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කර සිටියේ.

”රටේ මේ වෙන කොට ඩිසල් හිඟයක් පවතිනවා. එයට හේතුව තමයි අවසන් ඩිසල් නැව නිදහස් කර ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගන්නා තෙක් අපි ඉන්ධන පිරවුම්හල් සඳහා ඩිසල් නිකුත් කරනු ලැබුවේ සිමා සහිතවයි.

මේ වෙනකොට රටට ඉන්ධන රැගත් නෞකා 03ක් පැමිණ තිබෙනවා. ඉන් එක නෞකාවක තිබු පෙට්ට්‍රල් ගොඩබෑම සිදුකරනු ලැබුවා. ඩිසල් නෞකාව සඳහා අවශ්‍ය විදේශ විනිමය ඊයේ දිනයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මැදිහත්වී සොයා දෙනු ලැබුවා. ඒ වගේම අනෙක් ඉන්ධන නෞකා සඳහා අවශ්‍ය විදේශ විනිමය ලබාදීමට මුදල් ඇමැතිතුමා පියවර ගන්නවා කියලා ඊයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර සිටියා.

පෙබරවාරි 05 වෙනිදා ලංකා IOC සමාගම විසින් සිදුකළ මිල වැඩිකිරීමත්, විශාල මුදලකින් ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුකළ යුතු බවට ප්‍රසිද්ධියේම ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රසිද්ධියේ ඉල්ලීම් සිදුකිරීම නිසා ඉන්ධන මිල වැඩිවේයැයි කියා සිතා ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන තොග සඟවා ගත්තා. ඇත්ත ඒකයි.

අපි අවසන් වරට ඉන්ධන මිල වැඩි කලේ දෙසැම්බර් 20 වෙනිදා. එදා බ්‍රෙන්ට් වෙළෙදපොලේ ඉන්ධන බැරලයක මිල තිබුනේ අමෙරිකානු ඩොලර් 72යි, නමුත් ඊයේ වෙද්දී එය ඩොලර් 99ක්. මේ කාල සීමාවේදී ජාත්‍යන්තර වෙළෙදපොලේ ඉන්ධන මිල සියයට 38කින් ඉහළ ගිහින් තියෙනවා. යුක්රේන -රුසියා අර්බුදය නිසා ඉක්මනින්ම ඉන්ධන බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවන්න පුළුවන්.

ලෝක වෙළෙදපලේ අඛන්ඩ ඉන්ධන මිල වැඩිවීමක් අපේක්ෂා කරනවා, ඒ වගේම මාර්තු මාසය මැද වෙන විට ඩොලර් 115ක් වෙනු ඇති බවට සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවතැන් වූවන් ආහාර සහ පහසුකම් ඉල්ලා උද්ඝෝෂණයක
03:08
Video thumbnail
කාලගුණ තොරතුරු ඉල්ලා සමගියේ සෙට් එකක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට..
08:03
Video thumbnail
මම තරහා නෑ - සජිත් හිනා වෙවී මාධ්‍යවේදීන්ට කිව්ව දේ
01:25
Video thumbnail
ජීවිත හානි අවම කරගන්න තිබුණු අවස්තාව ආණ්ඩුව නැතිකරලා දැම්මා
10:18
Video thumbnail
රන්වලට පුම්බන්න බැලුන් නෑලු - බැලුන් හිඟයි ලු
10:44
Video thumbnail
හරිණිගේ දියාරු අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් ගුරුවරුත් මඥ්ඥන් වෙලා..අගක් මුලක් නෑ..තනිකර පිස්සුවක්
18:22
Video thumbnail
උපාධිධාරීන්ට සාධාරණයක් ඉල්ලා සජිත් පාරට බහී
05:15
Video thumbnail
මහ රෑ මතුගම රත්කළ ඝා#තනය
01:13
Video thumbnail
මාතලේට ගිය නාමල්ට ජනතාවගෙන් දැඩි විරෝධයක්..
01:14
Video thumbnail
තලතා ලෙසටම ෆයර්වෙයි - විපක්ෂයට විකෘති මනසක් නෑ..රෑට රෑට පැලවත්තේ එකතුවෙලා.. කියුබාවට පනින්න යන්නේ?
12:05


?