තානාපතිවරුන්ට විශේෂ කැඳවීමක් : හේතුව බලශක්ති ඇමති කියයි

තෙල් නිෂ්පාදනය කරන සියලුම රටවල තානාපතිවරුන්ට මාර්තු මස 15 වෙනිදා කැඳවා ඇති බවත් දීර්ඝ කාලීන ණය පහසුකම් යටතේ ඉන්ධන ආනයනය කිරීමට සාකච්ජා කිරීමට එහිදී බලාපොරොත්තු වනවා. ඇත්ත වශයෙන්ම රටේ ඉන්ධන සඳහා මුදල් වෙන් කිරීම ගැටලුවක් වී තිබෙනවා යැයි අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටියා.

අද රටේ පවතින්නේ ඉන්ධන, ඖෂධ හෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් නොව විදේශ විනිමය හිඟයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කර සිටිනවා. රටේ පවතින ඉන්ධන හිඟය සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් මේ බව සඳහන් කර සිටියේ.

”රටේ මේ වෙන කොට ඩිසල් හිඟයක් පවතිනවා. එයට හේතුව තමයි අවසන් ඩිසල් නැව නිදහස් කර ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගන්නා තෙක් අපි ඉන්ධන පිරවුම්හල් සඳහා ඩිසල් නිකුත් කරනු ලැබුවේ සිමා සහිතවයි.

මේ වෙනකොට රටට ඉන්ධන රැගත් නෞකා 03ක් පැමිණ තිබෙනවා. ඉන් එක නෞකාවක තිබු පෙට්ට්‍රල් ගොඩබෑම සිදුකරනු ලැබුවා. ඩිසල් නෞකාව සඳහා අවශ්‍ය විදේශ විනිමය ඊයේ දිනයේදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මැදිහත්වී සොයා දෙනු ලැබුවා. ඒ වගේම අනෙක් ඉන්ධන නෞකා සඳහා අවශ්‍ය විදේශ විනිමය ලබාදීමට මුදල් ඇමැතිතුමා පියවර ගන්නවා කියලා ඊයේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර සිටියා.

පෙබරවාරි 05 වෙනිදා ලංකා IOC සමාගම විසින් සිදුකළ මිල වැඩිකිරීමත්, විශාල මුදලකින් ඉන්ධන මිල වැඩිකිරීමක් සිදුකළ යුතු බවට ප්‍රසිද්ධියේම ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ප්‍රසිද්ධියේ ඉල්ලීම් සිදුකිරීම නිසා ඉන්ධන මිල වැඩිවේයැයි කියා සිතා ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන තොග සඟවා ගත්තා. ඇත්ත ඒකයි.

අපි අවසන් වරට ඉන්ධන මිල වැඩි කලේ දෙසැම්බර් 20 වෙනිදා. එදා බ්‍රෙන්ට් වෙළෙදපොලේ ඉන්ධන බැරලයක මිල තිබුනේ අමෙරිකානු ඩොලර් 72යි, නමුත් ඊයේ වෙද්දී එය ඩොලර් 99ක්. මේ කාල සීමාවේදී ජාත්‍යන්තර වෙළෙදපොලේ ඉන්ධන මිල සියයට 38කින් ඉහළ ගිහින් තියෙනවා. යුක්රේන -රුසියා අර්බුදය නිසා ඉක්මනින්ම ඉන්ධන බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවන්න පුළුවන්.

ලෝක වෙළෙදපලේ අඛන්ඩ ඉන්ධන මිල වැඩිවීමක් අපේක්ෂා කරනවා, ඒ වගේම මාර්තු මාසය මැද වෙන විට ඩොලර් 115ක් වෙනු ඇති බවට සඳහන් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දයාසිරිට පාර්ලිමේන්තුවේදී යකා නගියි - මොකක්ද මැඩම් මේ කරන වැඩේ තේරුම..
04:20
Video thumbnail
වැලිගම W15 හෝටලයට වෙ# තැබීමේ සිද්ධියට අධිකරණයට ආ දේශබන්දු
01:24
Video thumbnail
සිවුරක් ගලවනකොට මහ පොළොව කම්පා වෙනවා - ඉස්සරහට බලාගන්න දේව කම්පාව මොකද්ද කියලා
03:56
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් හඬා වැටුණු කත - තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගෙන් ඉල්ලනවා නිදහස ලබා දෙන්න
01:27
Video thumbnail
මම ඉන්නෙත් ඇප පිට..මගෙන් වැරැද්දක් සිද්ධ වුණා - මාලිමා මන්ත්‍රී චන්දන කිව්ව දේ
04:18
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන මරික්කාර්ගෙන් අනාවරණයක් - ඒ ආණ්ඩුවේ කරත් මේ ආණ්ඩුවේ ක‍රත් හොරකම්
08:41
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45