AFC Banner
Empty Ad
Empty Ad

විශේෂ කැබිනට් රැස්වීම : ඉන්ධන මිල ඇතුළු කරුණු රැසක් ගැන තීරණයක්

ඉන්ධන මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටිනවා.

“අද පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ඉන්ධන මිල සංශෝධනය නොකිරීමට තීරණය කළා. අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

මිට අමතරව විදුලි බල මණ්ඩලයෙන් ඉන්ධන ලබා ගැනීම නිසා ඛනිජ තෙල් සඳහා ලබා දී ඇති රුපියල් බිලියන 80 ක ණය පියවීමට මුදල් අමාත්‍යාංශය එකඟ වුණා ” මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

” ජාත්‍යනතර වෙළෙදපොලේ ඉන්ධන බැරලයක මිල ඉහළ ගිහින් තිබෙනවා, නමුත් ජනතාව පත්ව සිටින තත්ත්වය සලකා බලලා ඉන්ධන මිල වැඩි නොකිරීමට තීරණය කළා” අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටියා.

ජනාධිපතිවරයා විසින් එම විශේෂ කැබිනට් රැස්වීම අද පස්වරුවේ කැඳවනු ලැබුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?