විශේෂ කැබිනට් රැස්වීම : ඉන්ධන මිල ඇතුළු කරුණු රැසක් ගැන තීරණයක්

ඉන්ධන මිල වැඩි නොකිරීමට රජය තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටිනවා.

“අද පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී ඉන්ධන මිල සංශෝධනය නොකිරීමට තීරණය කළා. අඛණ්ඩව ඉන්ධන සැපයීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

මිට අමතරව විදුලි බල මණ්ඩලයෙන් ඉන්ධන ලබා ගැනීම නිසා ඛනිජ තෙල් සඳහා ලබා දී ඇති රුපියල් බිලියන 80 ක ණය පියවීමට මුදල් අමාත්‍යාංශය එකඟ වුණා ” මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

” ජාත්‍යනතර වෙළෙදපොලේ ඉන්ධන බැරලයක මිල ඉහළ ගිහින් තිබෙනවා, නමුත් ජනතාව පත්ව සිටින තත්ත්වය සලකා බලලා ඉන්ධන මිල වැඩි නොකිරීමට තීරණය කළා” අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කර සිටියා.

ජනාධිපතිවරයා විසින් එම විශේෂ කැබිනට් රැස්වීම අද පස්වරුවේ කැඳවනු ලැබුවේ උද්ගතව ඇති බලශක්ති අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තවත් මෙට්‍රෝ බස් රථ 104ක් නෞකාවකින් දිවයිනට
01:29
Video thumbnail
තවත් මෙට්‍රෝ බස් රථ 104ක් නෞකාවකින් දිවයිනට - කොහොමද සුපිරි බඩු ටික ?
02:23
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52