AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි අර්බුදයක් ගැන අනතුරු අඟවයි

යුක්රේන – රුසියාව අතර ඇතිවී තිබෙන ගැටළුව හේතුවෙන් ලෝක වෙළෙඳපලේ ඉන්ධන මිල ඉහළ යෑමට හේතුවී තිබෙන නිසා මෙරට ඉන්ධන අවශ්‍යතාවය සම්බන්ධයෙන් වැඩි අවදානයක් යොමු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටිනවා.

පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් හිටපු අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දැනට දිවයිනට පැමිණ ඇති නෞකාවල තිබෙන ඉන්ධන සඳහා කෙසේ හෝ ඩොලර් සොයා ගැනීමක් සිදුකළ යුතු බවයි.

මේ වන විට මෙරටට ඉන්ධන නෞකා 03ක් පැමිණ ඇති බවත් එම නෞකාවල ඇති ඉන්ධන ගොඩබෑමට නොහැකිව තිබෙනවා. ඒ ඊට අවශ්‍ය ඩොලර් සොයා ගැනීමට ඇතිවී තිබෙන අපහසුතාවයන් නිසයි.

කෙසේ හෝ ඊට අදාළ ණයවර ලිපි විවෘත කිරීමට කටයුතු සිදුකරනු ලබන බවයි ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කර සිටියේ.

මේ වන විට ලෝක වෙළෙඳපලේ ඉන්ධන බැරලයක මිල සිඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?