AFC Banner
Empty Ad
Empty Ad

ඉන්ධන අර්බුදය නිසා අද කැබිනට් රැස්වීමක් කැඳවයි

රටේ වත්මන් බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊයේ (21) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගනු ලැබූ බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කර සිටියේ.

රට තුළ පවතින විදුලි අර්බුදය සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් මේ වන විට ඉන්ධන සපයා ගැනීම ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව ඇති අතර පවතින මිල ගණන්වලට ඉන්ධන ලබා දීම තුළින් තවදුරටත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් වහාම ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රජයට යෝජනා කර ඇති අතර මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව සඳහන් වේ.

අදාළ මිල ගණන් සම්බන්ධයෙන් ද අද දිනයේ රැස්වන විශේෂ අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?