ඉන්ධන අර්බුදය නිසා අද කැබිනට් රැස්වීමක් කැඳවයි

රටේ වත්මන් බලශක්ති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විශේෂ අමාත්‍ය මණ්ඩල රැස්වීමක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊයේ (21) පස්වරුවේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම තීරණය ගනු ලැබූ බව රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කර සිටියේ.

රට තුළ පවතින විදුලි අර්බුදය සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් මේ වන විට ඉන්ධන සපයා ගැනීම ගැටලුකාරී තත්ත්වයක් බවට පත්ව ඇති අතර පවතින මිල ගණන්වලට ඉන්ධන ලබා දීම තුළින් තවදුරටත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් වහාම ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රජයට යෝජනා කර ඇති අතර මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මෙතෙක් රජය කිසිදු තීරණයක් ගෙන නොමැති බව සඳහන් වේ.

අදාළ මිල ගණන් සම්බන්ධයෙන් ද අද දිනයේ රැස්වන විශේෂ අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14