ඇන්ටාක්ටිකාවේ සවුත් පෝල් මත පා තැබූ පළමු ශ්‍රී ලාංකිකයා

ශ්‍රී ලාංකිකයෙකු වන දිනූක කරුණාරත්න ඇන්ටාක්ටිකාවේ සවුත් පෝල් වෙත ගමන් කර තිබෙනවා. මෙලෙස ඇන්ටාක්ටිකාවේ සවුත් පෝල් වෙත ගමන්කළ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස ඔහු ඉතිහාසයට එක්වෙන්නේ.

ශ්‍රී ලංකාවේ මහනුවර උපන්ගම වූ ඔහු අමෙරිකාවේ ඔරිගන් හි පෝට්ලන්ඩ් හි මේ වනවිට පදිංචිව සිටී.

සවුත් පෝල් හි ඇන්ටාක්ටිකාවට සම්බන්ධ රටවල් 12ක කොඩි සිටුවා ඇති අතර එහි ස්මාරකයක් ද තනා තිබෙනවා. එහි අයිතිය අමෙරිකාව සතු වන අතර එම ස්ථානයේ පෘථිවිය සම්බන්ධයෙන් විද්‍යාත්මක පර්යේෂණ සිදුකරනු ලබනවා.

එහිදී ලැබුණු සුවිශේෂී අත්දැකීම් විස්තර කළ දිනූක කරුණාරත්න පැවසුවේ එම ස්ථානයේදී එක්වරම උෂ්ණත්වය සෘණ 40ක් දක්වා සැණින් අඩුවී ගිය බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?